Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



දානියෙල් 2:14

Sinhala Revised Old Version

එකල දානියෙල් බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් මරන පිණිස පිටත්ව ආ රජුගේ මුරකාරයන්ගේ ප්‍රධානියාවූ අරියොක්ට නුවණින්ද සිහියෙන්ද උත්තරදුන්නේය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

8 හුවමාරු යොමු  

මිදියන්වරු ඔහු මිසරයේදී ඵාරාවෝගේ ඇමතියෙක්ද රැකවලුන්ගේ නායකද වූ පෝතිඵර්ට වික්කෝය.

තවද රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් නුවර ඉතිරිවුණ සෙනඟද සැඟවී ඇවිත් තමාට එකතුවුණ අයින්ද සෙනඟගෙන් ඉතිරිවුණ අනික් අයින්ද අල්ලා බබිලෝනියට ගෙනගියේය.

තවද බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් රජුගේ දහනවවෙනි අවුරුද්දේ පස්වෙනි මස දසවෙනිදා බබිලෝනියේ රජුට සේවයකළාවූ රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් යෙරුසලමට ඇවිත්,

රැකවලුන්ගේ අධිපතියා සමඟ සිටි කල්දිවරුන්ගේ මුළු සේනාව යෙරුසලම හාත්පස පවුරු සියල්ල බිඳදැමුවෝය.

ඔහු රජුගේ ඇමතියාවූ අරියොක්ට කථාකොට: මෙතරම් තද නියෝගයක් රජු වෙතින් පැමුණුණේ මක්නිසාදැයි ඇසුවේය. එකල අරියොක් ඒ කාරණය දානියෙල්ට දැන්විය.

ඒ නිසා දානියෙල් බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් නැතිකරදමන්ට රජු විසින් පත්කරනු ලැබූ අරියොක් ළඟට ගොස් ඇතුල්වී, ඔහුට කථාකොට: බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් නැතිකර නොදමා, රජු ඉදිරියට මා පමුණුවන්න, ඒ අර්ථය රජුට පෙන්වමියි කීවේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්