මෙසේ ශාස්ත්‍රවන්තයන් මරන ලෙස නියෝග නිකුත්විය; එහෙයින් ඔව්හු දානියෙල් සහ ඔහුගේ සමාගම්කාරයන් මරන්ට සෙවුවෝය.
පනතෙන් නපුර යොදන්නාවූ දුෂ්ටකමේ සිංහාසනය ඔබ හා සම්බන්ධ වන්නේද?
දුර්වලයන් විනිශ්චයෙන් අහක් කරන පිණිසත්, මාගේ සෙනඟගේ දුප්පතුන්ගේ යුක්තිය පෙරළන පිණිසත්, වැන්දඹුවන් තමුන්ගේ කොල්ලය වන පිණිසත්, පියා නැත්තවුන් තමුන්ගේ ගොදුර කරගන්න පිණිසත්,
ඒ නිසා දානියෙල් බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් නැතිකරදමන්ට රජු විසින් පත්කරනු ලැබූ අරියොක් ළඟට ගොස් ඇතුල්වී, ඔහුට කථාකොට: බබිලෝනියේ ශාස්ත්‍රවන්තයන් නැතිකර නොදමා, රජු ඉදිරියට මා පමුණුවන්න, ඒ අර්ථය රජුට පෙන්වමියි කීවේය.
උන්වහන්සේ ඔහුට දුන් මහන්තත්වය නිසා සියලු ජනයෝද ජාතීහුද භාෂාවෝද ඔහු ඉදිරියෙහි වෙවුලා භයවූවෝය. ඔහු, කැමැති කෙනෙකු මැරීය, කැමැති කෙනෙකු ඉතුරුකෙළේය; ඔහු කැමැති කෙනෙකු උසස්කෙළේය, කැමැති කෙනෙකු පහත්කෙළේය.