දානියෙල් වන මම පමණක් දර්ශනය දුටිමි. මා සමඟ සිටි මනුෂ්‍යයන් දර්ශනය දුටුවේ නැත; එහෙත් මහත් භීතියක් ඔවුන් පිටට පැමිණ, ඔව්හු සැඟවෙන පිණිස පලාගියෝය.
ඔහු: මට ඔබවහන්සේගේ ශබ්දය උයනෙහිදී ඇසී මම නග්න බැවින් භයපත්ව සැඟවුණෙමියි කීය.
නුඹ පර්වතයට ඇතුල්වී ස්වාමීන්වහන්සේගේ භයානකකමද උන්වහන්සේගේ මහන්තත්වයේ තේජසද ඉදිරියෙන් ධූලියෙහි සැඟවෙන්න.
මට නොපෙනෙනලෙස යමෙකුට රහස් තැන්වල සැඟවෙන්ට පුළුවන්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. ස්වර්ගය සහ පෘථිවිය මාගෙන් පිරී තිබෙනවා නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
මනුෂ්‍ය පුත්‍රය, නුඹේ කෑම වෙවුලුම ඇතුව කා, චංචලකමද පිරිමැසීමද ඇතුව වතුර බී,
මා සමඟ සිටි අය ආලෝකය දුටුවෝය, නුමුත් මට කථාකළ තැනන්වහන්සේගේ හඬ ඔවුන්ට ඇසුණේ නැත.
ඔහු සමඟ ගමන්කළ මනුෂ්‍යයන්ට ඒ හඬ ඇසුණ නුමුත්, ඔව්හු කිසිවෙකු නොදැක, කථාකරන්ට නොහැකිව සිටියෝය.
ඒ දර්ශනය එපමණ භයානකව තිබුණු බැවින් මෝසෙස්ද කථාකොට: මම භයවෙමි, වෙවුලමියි කීය.