ඔහුගේ ශරීරය රන්කාන්තියක් මෙන්ය, ඔහුගේ මුහුණ විදුලියේ පෙනීම මෙන්ය, ඔහුගේ ඇස් ගිනි පහන් මෙන්ය, ඔහුගේ හස්ත සහ පාද ඔප්නැගූ පිත්තල මෙන්ය, ඔහුගේ වචනවල හඬ සමූහයක හඬ මෙන්ය.
සතරවෙනි පේළිය රන්කාන්තියක්ද නඛමාණික්‍යයක්ද සූර්යකාන්තියක්ද වන්නේය. ඒවා රන් කෙවෙනිවල බැන්ද යුතුය.
ඔහුගේ අත් ලශුනිය මැණික් ඇල්ලූ රන්මුදු වැනිය. ඔහුගේ ඇඟ නීලමාණික්‍යවලින් සැරසූ ඇත්දත් කර්මාන්තයක් මෙන්ය.
ඒ සත්වයෝ විදුලි කෙටීමක පෙනීම මෙන් දිවගොස් හැරී ආවෝය.
චක්‍රවලද ඒවායේ කර්මාන්තවලද පෙනීම රන්කාන්තියක පාට මෙන්ය. ඒ සතරටම තිබුණේ එකාකාර ස්වරූපයක්ය. ඒවායේ පෙනීමද ඒවායේ කර්මාන්තද එක චක්‍රයක් තවත් චක්‍රයක් තුළ තිබෙන්නාක්මෙන් වූයේය.
ඔවුන් යන විට, ඔවුන්ගේ පියාපත්වල ශබ්දය බොහෝ ජල ධාරාවන්ගේ ශබ්දය මෙන්ද සර්වපරාක්‍රමයාණන්ගේ හඬ මෙන්ද මට ඇසුණේය, එය සේනාවක ඝෝෂාව මෙන් කෝලාහල ඝෝෂාවක්ය. ඔවුන් හිටින විට තමුන්ගේ පියාපත් පහත්කරගත්තෝය.
ඔවුන්ගේ පාද ඇද නැති පාදය; ඔවුන්ගේ පාද පතුල් වස්සෙකුගේ පාද පතුල් මෙන්ය. ඒවා දීප්තිමත් පිත්තල මෙන් දිලිසුණේය.
මම බැලූ විට මෙසේ දුටිමි: කෙරුබ්වරුන් ළඟ රෝද සතරක් එනම් එක කෙරුබ් කෙනෙක් ළඟ එක රෝදයක්ද තවත් කෙරුබ් කෙනෙක් ළඟ තවත් රෝදයක්ද වශයෙන් තිබුණේය. රෝදවල පෙනීමද රන්කාන්තියක දිලිහීම වාගේය.
උන්වහන්සේ මා එතනට පැමිණෙවු විට පිත්තලවල පෙනීම වැනි පෙනීමක් ඇති මනුෂ්‍යයෙක් තමාගේ අතේ හණ ලණුවක්ද මනින දණ්ඩක්ද ඇතුව දොරටුවෙහි සිටිනවා දුටිමි.
මම බැලූ විට ගින්නේ පෙනීමක් වැනි ස්වරූපයක් දුටිමි; උන්වහන්සේගේ ඉඟටිය වැනිවූ පෙනීමේ සිට පහළට ගිනිද උන්වහන්සේගේ ඉඟටියේ සිට ඉහළට දීප්තිමත් පිත්තලවල දිලිහීම මෙන් බැබළෙන පෙනීමක්ද තිබුණේය.
උන්වහන්සේ ඔවුන් ඉදිරියෙහි අන්වෙසක්වූසේක. උන්වහන්සේගේ මුහුණ සූර්යයා මෙන් බැබළුවේය, උන්වහන්සේගේ වස්ත්‍රද ආලෝකය මෙන් සුදුවූයේය.
ඔහුගේ පෙනීම විදුලිය මෙන් වූය, ඔහුගේ වස්ත්‍ර හිම මෙන් සුදුව තිබුණේය.
උන්වහන්සේ යාච්ඤාකරද්දී උන්වහන්සේගේ මුහුණේ ආකාරය වෙනස්විය. උන්වහන්සේගේ වස්ත්‍ර සුදුව බැබළුණේය.
තවත් බලවත් දේවදූතයෙක් වලාකුළක් පැළඳගෙන, තමාගේ හිසේ දේදුන්නක් ඇතුව, ස්වර්ගයෙන් බසිනවා දුටිමි; ඔහුගේ මුහුණ ඉර මෙන්ද ඔහුගේ කකුල් ගිනි කණු මෙන්ද විය;
උන්වහන්සේගේ ඇස් ගිනිදැල්ලක්ය. උන්වහන්සේගේ හිසේ බොහෝ ඔටුනු තිබේ; උන්වහන්සේම මිස අන් කිසිවෙක් නොදන්නාවූ නමක් උන්වහන්සේට එහි ලියා තිබේ.
තවද තියාතිරාවෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න: ගිනි දැල්ලක් වැනි ඇස්ද දිලිහෙන පිත්තල වැනි පාදයන්ද ඇත්තාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයා මේ කාරණා කියනසේක.
පස්වෙනි එක නාඛමාණික්‍යය; සවෙනි එක ලෝහිතංකයය; සත්වෙනි එක රන්කාන්තියය; අටවෙනි එක වෛදුර්ය; නවවෙනි එක පුෂ්පරාගයය; දසවෙනි එක ගෝමේදයය; එකළොස්වෙනි එක පද්මරාගයය; දොළොස්වෙනි එක අඹතෙස්ය.