Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ද්විතීය නීතිය 4:23

Sinhala Revised Old Version

නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ කළාවූ උන්වහන්සේගේ ගිවිසුම මතක නැතිකොට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට තහනම්කර තිබෙන කිසිවකට සමානවූ රූපයක් සාදා නොගන්ට බලාගන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

26 හුවමාරු යොමු  

මා විසින් නුඹලා සමඟ කළාවූ ගිවිසුම මතකනැති නොකරන්න; වෙන දෙවිවරුන් කෙරෙහි භය නොපවත්වා.

උන්වහන්සේගේ ගිවිසුම සදාකාලේටත් උන්වහන්සේ අණකළ වචනය පරම්පරා දහසකටත් සිහිකරව්.

මා විසින් නුඹලාට කී සියලු කාරණා ගැන සිතටගන්න. අන් දෙවිවරුන්ගේ නාම සඳහන් නොකරන්න, ඒක නුඹලාගේ මුඛයෙන් පිටවෙනවා අසන්ට නොලැබේවා.‍

පොළොවත් එහි වැසියන් නිසා කිලුටුව තිබේ; මක්නිසාද ඔව්හු ව්‍යවස්ථාවන් කඩකොට, නියෝගය වෙනස්කර, සදාකාල ගිවිසුම කඩකළෝය.

අහෝ පසුබටවන දුව, නුඹ කොපමණ කල් ඔබමොබ යන්නෙහිද? මක්නිසාද ස්වාමීන්වහන්සේ පොළොවෙහි අමුතු දෙයක් මවා තිබේ: ස්ත්‍රිය පුරුෂයා කෙරෙහි ඇලුම්ව බැඳෙන්නීය.

මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ගිවිසුම කඩකරන ලෙස දිවුරුම සුළුකළාවූ නුඹ කළ හැටියටම මම නුඹට කරන්නෙමි.

මම ඇතුල්වී බැලූ විට, බඩගා යන සියලු ආකාර සතුන්ගෙන් පිළිකුල් තිරිසනුන්ගෙත් රූපද ඉශ්‍රායෙල් වංශයේ සියලු දේවරූපද භිත්තියේ වටකරින්ම සිතියම්කර තිබෙනවා දුටිමි.

මා විසින් සියලු ඉශ්‍රායෙල්වරුන් උදෙසා හොරෙබ්හිදී මාගේ මෙහෙකරුවාවූ මෝසෙස්ට අණකළ ව්‍යවස්ථාව වන නියෝග සහ විනිශ්චයන් සිහිකරන්න.

නුඹලා දාවල්ල බලා ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා සිහිකොට ඒවා කරන පිණිසත්, නුඹලා පුරුදු ලෙස අනාචාරකම් කරමින් නුඹලාගේ සිත්ද ඇස්ද අනුව නොයන පිණිසත්,

යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: කිසිවෙක් නුඹලා මුළා නොකරන ලෙස බලාගන්න.

තවද උන්වහන්සේ කථාකොට: සියලු ආකාර ලෝභකමෙන් ප්‍රවේසම්වෙන්ට බලාගන්න. මක්නිසාද මනුෂ්‍යයෙකුට කොපමණ දේපළ තිබුණත් ඔහුගේ ජීවිතය එහි පිහිටා නැතැයි ඔවුන්ට කීසේක.

උන්වහන්සේ කියනසේක්: මුළා නොවෙන්ට බලාගන්න. මක්නිසාද මාගේ නාමයෙන් බොහෝ දෙනෙක් ඇවිත්–ඒ මමය කියාත් කාලය ළඟය කියාත් කියන්නෝය. ඔවුන් පස්සේ නොයන්න.

නුඹට රූපස්තම්භයක්ද පිහිටුවා නොගන්න; නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඊට ද්වේෂකරනසේක.

ස්වාමීන්වහන්සේට පිළිකුලක්ද කම්කරුවාගේ හස්තකර්මාන්තයද වන කැපූ රූපයක් හෝ වාත්තු පිළිමයක් හෝ සාදා එය රහසින් තබාගන්න මනුෂ්‍යයාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියා උත්තරදෙත්වා.

මෝසෙස්ද ලෙවීවරුවූ පූජකයෝද සියලු ඉශ්‍රායෙල්වරුන්ට කථාකොට: ඉශ්‍රායෙල්, නුඹ නිශ්ශබ්දව සිට අසන්න; නුඹ අද දවසේදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සෙනඟ වූයෙහිය.

එවිට මනුෂ්‍යයෝ කථාකොට: ඔවුන්ගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් මිසර දේශයෙන් පිටතට ගෙනා විට ඔවුන් සමඟ කළාවූ උන්වහන්සේගේ ගිවිසුම ඔවුන් අත්හැර ගොස්,

මක්නිසාද මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුළාවූ, කිරි හා මීපැණි ගලායන්නාවූ දේශයට මා විසින් ඔවුන් පැමිණෙවු කල්හි, ඔවුන් කා තෘප්තියට පැමිණ තරවූ කල්හි, ඔවුන් අන් දෙවිවරුන් වෙතට හැරී ඔවුන්ට සේවයකරමින්, මා එපාකර මාගේ ගිවිසුම කඩකරනවා ඇත.

නුඹට දරුවන්ද දරුවන්ගේ දරුවන්ද ඉපද, නුඹලා දේශයෙහි බොහෝ කලක් සිටි කල්හි, නුඹලා දූෂ්‍යකම්කරමින්, කොයි දෙයකට නුමුත් සමානවූ රූපයක් සාදාගන, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදහස්වන හැටියට උන්වහන්සේ ඉදිරියේ නපුරුව තිබෙන දෙය කළොත්,

නුඹේ ඇස්වලින් දුටු දේවල් නුඹට මතකනැති නොවන පිණිසත් නුඹේ ජීවිතයේ සියලු දවස්වල ඒවා නුඹේ සිතෙන් පහනොවන පිණිසත් බලාගෙන, නුඹේ ආත්මය ප්‍රවේසමෙන් ආරක්ෂාකරගන්න; ඒවා නුඹේ පුත්‍රයන්ටද නුඹේ පුත්‍රයන්ගේ පුත්‍රයන්ටද දන්වන්න.

අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අප සමඟ හොරේබ්හිදී ගිවිසුමක් කළසේක.

මිසර දේශය වන වහල්කමේ ගෙයින් නුඹ පිටතට ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ සිහිනැති නොකරන්ට බලාගන්න.

සහෝදරයෙනි, ජීවමාන දෙවියන්වහන්සේ කෙරෙන් අහක්ව යන්නාවූ නොඇදහිලිකාර නපුරු සිතක් නුඹලා අතරෙන් කිසිවෙකු තුළ නොතිබෙන හැටියට බලාගන්න.

එහෙයින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරන ලෙස හොඳාකාරයෙන් බලාගන්න.

නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දී තිබෙන මේ යහපත් දේශය මතුපිටින් නුඹලා විනාශවීයන තුරු, සියලු නරක දේවල් නුඹලා පිටට පමුණුවනවා ඇත. මෙසේ ස්වාමීන්වහන්සේගේ උදහස නුඹලාට විරුද්ධව ඇවිළෙන්නේය, උන්වහන්සේ නුඹලාට දී තිබෙන යහපත් දේශය මතුපිටින් ඉක්මනින් නුඹලා නැතිකර දමනවා ඇතැයි කීවේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්