මෙසේ මා මේ දේශයෙහි මැරෙන්ට ඕනෑය, මා යොර්දානෙන් එගොඩට නොයා යුතුය. එහෙත් නුඹලා එගොඩට ගොස් ඒ යහපත් දේශය හිමි කරගන්නවා ඇත.
පොළොවේ සියලු වංශවලින් නුඹලා පමණක් ඇඳිනගත්තෙමි. එබැවින් නුඹලාගේ සියලු අයුතුකම් නිසා නුඹලාට දඬුවම්කරන්නෙමි.
නුඹ ඒක දුටු පසු නුඹේ සහෝදරවූ ආරොන් තමාගේ සෙනඟට එකතුවුණාක්මෙන් නුඹත් නුඹේ සෙනඟට එකතුවන්නෙහිය.
මක්නිසාද ශීන් කාන්තාරයෙහිදී සභාව කළ විවාදයේදී ඔවුන්ගේ ඇස් හමුවෙහි වතුර ළඟදී මා ගෞරවයට නොපමුණු වන ලෙස, නුඹලා මාගේ අණට විරුද්ධව කැරළි ගැසූ නිසායයි කීසේක. ඒ වනාහි ශීන් කාන්තාරයේ කාදෙෂ්හි තිබෙන මෙරීබා වතුරය.
ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා මිදියන්වරුන්ගෙන් පළිගන්න. ඉන්පසු නුඹ නුඹේ සෙනඟට එක්කරනු ලබන්නෙහියයි කීසේක.
තවද ස්වාමීන්වහන්සේ නුඹලා නිසා මටත් උදහස්ව කථාකොට: නුඹත් එහි ඇතුල් නොවන්නෙහිය.
එගොඩට ගොස් යොර්දානෙන් එතර තිබෙන ඒ යහපත් දේශයද ඒ ශෝභන කඳු රටද ලෙබනොන්ද දකින පිණිස මට යන්ට ඉඩදුන මැනවයි කීයෙමි.
නුඹ පිස්ගා මුදුනට නැගී ඇස් ඔසවා බස්නා ඉර දෙසද උතුරු දෙසද දකුණු දෙසද නැගෙනහිර දෙසද නුඹේ ඇස් යොමා බලන්න. මක්නිසාද නුඹ මේ යොර්දානෙන් එතරට නොයන්නෙහිය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: බලව, නුඹ මැරෙන කාලය ආසන්නය. නුඹ යෝෂුවා කැඳවාගන විත් මා විසින් ඔහුට අණකරන පිණිස සම්මුඛවීමේ කූඩාරමෙහි සිටින්නැයි කීසේක. එවිට මෝසෙස් හා යෝෂුවා ගොස් සම්මුඛවීමේ කූඩාරමෙහි සිටියෝය.