තමාගේ භාර්යාවගේ මව සමඟ සයනයකරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.
ස්ත්‍රියෙකුගේ සහ ඇගේ දුවගේත් නග්නභාවය නොහරින්න; ඇගේ පුත්‍රයාගේ දුවවත් ඇගේ දියණියන්ගේ දුවවත් නග්නභාවය හරින පිණිස නොගනින්න; ඔව්හු ළඟ නෑකම් ඇත්තියෝය. ඒක දූෂ්‍යකමක්ය.
මනුෂ්‍යයෙක් භාර්යාවක් සහ ඇගේ මෑණියන් පාවා ගත්තොත් ඒක දූෂ්‍යකමක්ය. නුඹලා අතරේ දුෂ්ටකමක් නොවන පිණිස ඔහුද ඔව්හුද ගින්නෙන් දවනු ලබත්වා.
තමාගේ අසල්වාසියා රහසින් මරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.