තමාගේ සහෝදරීවූ තමාගේ පියාගේ දුව හෝ මවගේ දුව සමඟ සයනයකරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.
ඉන්පසු මෙසේ සිදුවිය. දාවිත්ගේ පුත්‍රවූ අබ්සලොම්ට තාමාර් නම්වූ රූපවත් සහෝදරියක් සිටියාය; දාවිත්ගේ පුත්‍රවූ අම්නොන් ඈට පෙම් බැන්දේය.
එකෙක් තමාගේ අසල්වාසියාගේ භාර්යාව සමඟ පිළිකුල්කම්කෙළේය; අනිකෙක් තමාගේ ලේලී සල්ලාලකමින් අපවිත්‍රකෙළේය; නුඹ තුළ තවත් කෙනෙක් තම පියාගේ දුවවූ තමාගේ සහෝදරියට අවනම්බු කෙළේය.
ගෙදර උපන් හෝ පිටත උපන් හෝ නුඹේ පියාගේ දුවවත් නුඹේ මවුගේ දුවවත් වන නුඹේ සහෝදරීගේ නග්නභාවය නොහරින්න.
මනුෂ්‍යයෙක් තමාගේ පියාගේ දුව නොහොත් තමාගේ මවගේ දුව වන තමාගේ සහෝදරිය පාවාගෙන ඇගේ නග්නභාවය දුටුවොත්, ඈද ඔහුගේ නග්නභාවය දුටුවොත්, එය නින්දිතකමක්ය; ඔවුන් තමන් සෙනඟගේ පුත්‍රයන්ගේ ඇස් හමුවෙහි සිඳදැමිය යුතුය. ඔහු තමාගේ සහෝදරියගේ නග්නභාවය හැරීයේය; ඔහු තමාගේ අපරාධය දැරිය යුතුය.