එබැවින් නුවරවල් තුනක් නුඹට වෙන්කර ගන්නැයි කියා නුඹට අණකරමි.
නුමුත් මනුෂ්‍යයෙක් රැක නොසිටිද්දී ඔහු අතට අසුවෙන්ට දෙවියන්වහන්සේ ඉඩ ඇරියොත් ඔහු විසින් පලායන පිණිස තැනක් නුඹට නියම කරන්නෙමි.
නැත්නම් සමහරවිට පළමු ඔහු තමාගේ අසල්වාසියාට වෛර නොකළ බැවින්, ඔහු මරනු ලබන්ට නුසුදුසු නුමුත්, ලෙයෙහි පළිය ගන්නාගේ සිත කෝපව තිබෙන කල්හි ඔහු පස්සේ එලවාගෙන ගොස්, ගමන දුර නිසා ඔහු කරා පැමිණ ඔහු මරනවා ඇත.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹ ප්‍රේමකරමින් උන්වහන්සේගේ මාර්ගවල නිතරම හැසිරෙන හැටියට මා අද නුඹට අණ කරන මේ මුළු ආඥාව නුඹ පවත්වන්ට බලාගන්න විට,
මම එකල්හි නුඹලාට අණකොට: මේ දේශය හිමිකරගන්නා පිණිස නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එය නුඹලාට දී තිබේ. සන්නාහ සන්නද්ධව නුඹලාගෙන් බලවන්තයන් ව සිටින සියල්ලන් නුඹලාගේ සහෝදරවූ ඉශ්රායෙල් පුත්‍රයන්ට පෙරටුව යන්ට ඕනෑය.
එකල මෝසෙස් පෙර වෛරයක් නොතිබී අත් වැරුද්දෙන් තමාගේ අසල්වාසියා මරන කෙනෙකුට පලා යාමට,