Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ද්විතීය නීතිය 19:6

Sinhala Revised Old Version

නැත්නම් සමහරවිට පළමු ඔහු තමාගේ අසල්වාසියාට වෛර නොකළ බැවින්, ඔහු මරනු ලබන්ට නුසුදුසු නුමුත්, ලෙයෙහි පළිය ගන්නාගේ සිත කෝපව තිබෙන කල්හි ඔහු පස්සේ එලවාගෙන ගොස්, ගමන දුර නිසා ඔහු කරා පැමිණ ඔහු මරනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

ඉතින් දැන් පවුලේ සියල්ලෝ ඔබගේ දාසීට විරුද්ධව නැගිට: තමාගේ සහෝදරයා මැරූ තැනැත්තා ඔහු විසින් මරනලද සහෝදරයාගේ ප්‍රාණය උදෙසා අප විසින් මරන පිණිස අපට දෙන්න, මෙසේ අපි උරුමක්කාරයාත් විනාශ කරන්නෙමුයයි කියති. මේ ආකාරයෙන් මාගේ පුරුෂයාට පොළෝ මතුපිට නාමයක්වත් දරුවෙක්වත් නොපවතින ලෙස ඔවුන් මට ඉතුරුව තිබෙන අඟුර නිවනවා ඇතැයි කීවාය.

මිනීමරන්නා විනිශ්චය පිණිස සභාව ඉදිරිපිට සිටින්ට පළමුවෙන් නොනස්නා පිණිස ඒ නුවරවල් පළිගන්නාගෙන් නුඹලාට ආරක්ෂාව පිණිස වන්නේය.

යම් මනුෂ්‍යයෙක් ලී කපන්ට තමාගේ අසල්වාසියා සමඟ වනයට ගොස් ගස කපා හෙළන්ට පොරොව ගෙන තමාගේ අත එසෙවූ කල්හි පොරෝ තලය මිටෙන් ගැළවී ඔහුගේ අසල්වාසියා පිට වැටීමෙන් ඔහු මළොත්, එසේ මිනී මරන තැනැත්තේ ජීවත්වන පිණිස ඒ නුවරවලින් එකකට පලායේවා.

එබැවින් නුවරවල් තුනක් නුඹට වෙන්කර ගන්නැයි කියා නුඹට අණකරමි.

මරණය ලැබීමට සුදුසු පාපයක් කර මරනු ලැබුවාවූ යමෙක් නුඹ විසින් ගසක එල්ලනු ලැබුවේනම්,

ලේ ගැන පළිගන්න අය ඔහු ලුහුබැඳ ආවොත් මිනීමැරූ තැනැත්තා ඔහු අතට පාවා නොදිය යුතුය; මක්නිසාද පළමු ඔහු තමාගේ අසල්වාසියාට වෛරයක් නොතිබී, අත්වැරුද්දෙන් ඔහු මැරූ නිසාය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්