එවිට නුඹ බිඳ දැමූ පළමු ලෑලිවල තිබුණ වචන ඒ ලෑලිවල ලියන්නෙමි, නුඹ ඒවා පෙට්ටියෙහි තබන්නැයි කීසේක.
ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසර දේශයෙන් ආවායින් පසු ස්වාමීන්වහන්සේ ඔවුන් සමඟ ගිවිසුමක් කළ විට මෝසෙස් විසින් හොරෙබ්හිදී තිබූ ගල්ලෑලි දෙක මිස ගිවිසුම් පෙට්ටියේ වෙන කිසිවක් නොතිබුණේය.
ඉශ්‍රායෙල් පුත්‍රයන් මිසරයෙන් ආවායින් පසු ස්වාමීන්වහන්සේ ඔවුන් සමඟ ගිවිසුමක් කළ විට, මෝසෙස් හෝරෙබ්හිදී එහි තිබූ ගල්ලෑලි දෙක මිස පෙට්ටියේ වෙන කිසිවක් නොතිබුණේය.
තවද ඔහු කඳවුරට ළංවූ වහාම වස්සාද නැටීමද දුටුවේය. මෝසෙස්ගේ උදහස ඇවුළුණේය, ඔහු තමාගේ අතින් ලෑලි හෙළා කන්ද මුලදී ඒවා බින්දේය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: පළමු ඒවා වැනි ගල්ලෑලි දෙකක් කපාගන්න. නුඹ විසින් බින්ද පළමු ලෑලිවල තිබුණු වචන ඒ ලෑලිවල ලියන්නෙමි.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ ලෙස ඔහු සාක්ෂිය පෙට්ටියෙහි තබා, පෙට්ටියට පොලුද පෙට්ටිය උඩ කරුණාසනයද තබා,
මමද හැරී කන්දෙන් බැස, මා සෑදූ පෙට්ටියෙහි ඒ ලෑලි තැබීමි; ස්වාමීන්වහන්සේ මට අණකළ ලෙස ඒවා එහි තිබේ.
උන්වහන්සේ නුඹලාට පවත්වන්ට අණකළ තමන්වහන්සේගේ ගිවිසුම වන ආඥා දසය නුඹලාට දන්වාදී ඒවා ගල්ලෑලි දෙකක ලියූසේක.
එහි රන් දුම් භාජනයක්ද මුළුල්ලම රනින් වැසූ ගිවිසුම්පෙට්ටියද තිබුණේය. ඒ පෙට්ටියේ මන්නා දැමූ රන් භාජනයක්ද දළු ලෑවාවූ ආරොන්ගේ සැරයටියද ගිවිසුමේ ගල්ලෑලිද තිබුණේය.