ඒ කාලයේදී ස්වාමීන්වහන්සේ මට කථාකොට: නුඹ පළමු ඒවාට සමානවූ ගල්ලෑලි දෙකක් කපාගෙන මා වෙතට කන්දට නැගී එන්න, ලීයෙන් පෙට්ටියක්ද සාදා ගන්න.
මෝසෙස් පළමු ඒවා වැනි ගල්ලෑලි දෙකක් කපා ගත්තේය; ඔහු උදෑසන නැගිට තමන් අතින් ගල්ලෑලි දෙක රැගෙන ස්වාමීන්වහන්සේ අණදුන් ලෙස සීනයි කන්දට නැගුණේය.
එහි රන් දුම් භාජනයක්ද මුළුල්ලම රනින් වැසූ ගිවිසුම්පෙට්ටියද තිබුණේය. ඒ පෙට්ටියේ මන්නා දැමූ රන් භාජනයක්ද දළු ලෑවාවූ ආරොන්ගේ සැරයටියද ගිවිසුමේ ගල්ලෑලිද තිබුණේය.