උන් බලවතුන් මෙන් දුවති; යුද්ධකාරයන් මෙන් පවුරට නගිති; උන් තමුන්ගේ මාවත්වලින් අහක් නොවී, එක එකා තම තමාගේ මාර්ගයෙන්ම යන්නෝය.
සාවුල් හා යොනාතාන් ජීවත්ව සිටියදී ප්‍රේමවත්ව ප්‍රසන්නව සිටියෝය, තමුන්ගේ මරණයේදී ඔව්හු වෙන්නූණෝය, ඔව්හු රාජාලීන්ට වඩා වේගවත් වූය, සිංහයන්ට වඩා බලවත් වූය.
ඒ දවසේදී දාවිත් කථාකොට: යෙබූසිවරුන්ට පහර දෙන සියල්ලෝම වතුර පාරට වැද, දාවිත්ගේ ආත්මය ද්වේෂකරන ඒ කොරුන්ටත් අන්ධයන්ටත් පහර දෙත්වයි කීවේය. එබැවින් අන්ධයාටත් කොරාටත් ගෙට ඇතුල්වෙන්ට නොලැබේයයි මනුෂ්‍යයෝ කියත්,
ආෂෙර්වරුන්ගෙන්, සටනට ගොස් යුද්ධ පිළිවෙළින් සිටින්ට පුළුවන්වූ අය සතළිස් දහසක්ය.
උන්වහන්සේ බිඳුම් පිට බිඳුම් කොට, මා පොඩිකරනසේක; යුද්ධකාරයෙකු මෙන් මට විරුද්ධව දුව එනසේක.
ඔහු තමාගේ භවනයෙන් නික්මෙන මනමාලයෙකු වැනිය, තමාගේ ගමන දුවන්ට ශක්තිමත් කෙනෙකුමෙන් ප්‍රීතිවෙයි.
පළඟැටියන්ට රජෙක් නැත, එහෙත් උන් සියල්ලෝ කණ්ඩායම් වශයෙන් පිටත්ව යති;
ඇගේ පවුරුවලට නැගී ගොස් නාස්තිකරන්න. එහෙත් තීන්දුවටම නැතිනොකරන්න. ඇගේ අතු පහකරන්න; මක්නිසාද ඒවා ස්වාමීන්වහන්සේට අයිති නැත.
උන් එකිනෙකාට නොහැපී, තම තමාගේ පාරවලම යන්නෝය. උන් යුද්ධායුධ අතරේ වැටුණත් තුවාලවන්නේ නැත.
උන් නුවර එහාමෙහා දුවති; පවුර පිට නැගීයති; ගෙවල්වලට නගිති; සොරෙකු මෙන් කවුළුවලින් ඇතුල්වෙති.