Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ජොයෙල් 2:6

Sinhala Revised Old Version

උන් ඉදිරියෙහි ජනයෝ වෙවුලති. සියලු මුහුණු සුදුමැලිවී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

මක්නිසාද මම දුමෙහි තුබූ සම්භාජනයක් මෙන් වීමි; නුමුත් ඔබගේ පනත් සිහිනැති නොකරමි.

ඔව්හු කැලඹෙන්නෝය; වේදනාද රුජාද අල්ලා ඔව්හු බිහිකරන ස්ත්‍රියෙකුමෙන් වේදනා විඳින්නෝය. ඔව්හු එකිනෙකා දෙස විස්මයෙන් බලන්නෝය; ඔවුන්ගේ මුහුණු ගිනිදළු මෙන් වන්නෝය.

පුරුෂයෙක් බිහිකරන වේදනා විඳින්නේද කියා අසා බලන්න. බිහිකරන ස්ත්‍රියෙකු මෙන් සියලු පුරුෂයන් ඉඟටියේ අත් තබාගන ඉන්නවාත් සියලු මුහුණු සුදුමැළිව තිබෙනවාත් මට පෙනෙන්නේ මක්නිසාද?

මාගේ දියණිය වන සෙනඟගේ තුවාලය නිසා මම තුවාල ලැබ ශෝකයට පැමුණුණෙමි. විස්මපත්කම මා අල්ලාගත්තේය.

දැන් ඔවුන්ගේ පෙනීම අඟුරුවලට වඩා කළුය; ඔවුන් වීථිවලදී ඇඳිනගන්ට බැරිය. ඔවුන්ගේ හම ඔවුන්ගේ ඇටවලට ඇලෙයි; ඒක වියළී, ලීයක් මෙන්වී තිබේ.

ඈ හිස්ව ශුන්‍යව පාළුව සිටියි. සිත දියවීමද දණහිස් වෙවුලීමද සියලු තුනටිවල රුජාවද තිබේ, ඔවුන් සියල්ලන්ගේ මුහුණුද සුදුමැලිව තිබේ.

සිංහයන්ගේ ගුහාවත් තරුණ සිංහයන්ගේ ගොදුරු ඉඩමත් කොයිද? එහි කිසිවෙකුගෙන් භයක් නොලැබ සිංහයාත් සිංහධේනුවත් සිංහපැටවාත් ඇවිද්දෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්