ගොවියෙනි, තිරිඟු සහ යව ගැන ලජ්ජාවෙන්න, මිදිවතුකාරයෙනි, කෑමොරගසන්න; මක්නිසාද කෙතේ අස්වැන්න නාස්තිවිය.
නුඹ හිටවන දවසේදී වැට බඳින්නෙහිය, උදය නුඹේ පැළෑටි ලියල වන්නෙහිය. එහෙත් ශෝකය සහ තද දුකේ දවසක් පැමිණ අස්වැන්න පහවීයන්නේය.
යූදා වැලපෙයි, එහි දොරටුද මලානිකවෙයි; කළු ඇඳගෙන ඔව්හු බිම හිඳිති; යෙරුසලමේ කෑගැසීමද නැගී ගියේය.
වපුරන්නා සහ ගොයම්කපන කාලයෙහි දෑකැත්ත පාවිච්චිකරන්නා බබිලෝනියෙන් සිඳදමන්න. පීඩාකරන කඩුවට භයින් ඔව්හු තම තමුන්ගේ සෙනඟ වෙතට හැරී තම තමුන්ගේ දේශයට පලායන්නෝය.
මේක තේරුම්ගන්ට පුළුවන් ප්‍රඥාවන්තයා කවුද? ප්‍රකාශකරන පිණිස මෙය ස්වාමීන්වහන්සේගේ මුඛයෙන් කියනු ලැබුවේ කාටද? කිසිවෙක් දේශය මැදින් නොයන ලෙස එය නටබුන්වුණෙත් කාන්තාරයක් මෙන් දාලා ගියෙත් මක්නිසාද?
මනුෂ්‍ය පුත්‍රය, අනාගතවාක්‍ය කියමින් මෙසේ කියන්න–ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: කෑමොරගසන්න, අහෝ කාලයේ හැටි!
එබැවින් ස්වාමිවූ සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: සියලු පළල් මාවත්වල වැලපීමවන්නේය; සියලු වීථිවල ඔව්හු-අනේ, අනේයයි කියන්නෝය; වැලපෙන පිණිස ගොවියාටත් විලාප කියන පිණිස ළතෝනි කීමෙහි දක්ෂ අයටත් අඬගසන්නෝය.
බලාපොරොත්තුව ලජ්ජාවට නොපමුණුවන්නේය; මක්නිසාද අපට දෙනලද ශුද්ධාත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ ප්‍රේමය අපගේ හෘදවල වගුරුවනලද්දේය.