දවස්වලට ශාපකරන්නාවූ, ලෙවියාතන් පුබුදුවන්ට සමර්ථව සිටින්නාවූ අය ඊට ශාපකෙරෙත්වා.
යෙරෙමියා වනාහි යොෂියා ගැන විලාප ගීතිකාවක් කෙළේය. ගී කියන සියලු මිනිස්සුද ගීකියන සියලු ස්ත්‍රිහුද අද දක්වා තමුන්ගේ විලාප ගීතිකාවලින් යොෂියා ගැන කථාකරති; ඔව්හු ඒවා ඉශ්‍රායෙල් අතරෙහි නියෝගයක් කොට දුන්නෝය. ඒවා විලාප ගීතිකාවල ලියා තිබේ.
ඒ රාත්‍රිය වඳ එකක් වේවා; ඒ තුළ කිසි ප්‍රීතිමත් හඬක් නොඇසේවා.
ඒකේ සවස්කාලයේ තාරකාවෝ අඳුරුවෙත්වා. එළිය ගැන බලා සිටන නුමුත් එය ඊට නොලැබේවා; අලුයම නමැති ඇසිපිය දකින්ටත් නොලැබේවා.
කිඹුලා බිලිකටුවකින් අදින්ටවත් උගේ දිව ලනුවකින් පහත්කරන්ටවත් නුඹට පුළුවන්ද?
ඌ අවුස්සන තරමට ධෛර්ය ඇති කෙනෙක් නැත. එසේ වීනම් මා ඉදිරියෙහි සිටින්ට පුළුවන් කාටද?
ඌ නැගිටින කල බලවන්තයෝ භයපත්වී, අධික භය නිසා උමතුවෙති.
ඒ දවසෙහි ස්වාමීන්වහන්සේ, තමන්ගේ තදවූ මහත්වූ බලවත්වූ කඩුවෙන් ශීඝ්‍ර සර්පයාවූ ලෙවියාතන්ටත් වක්වෙවීයන සර්පයාවූ ලෙවියාතන්ටත් දඬුවම්කර, මුහුදේ ඉන්න දීර්ඝයාද මරනසේක.
එබැවින් ස්වාමිවූ සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: සියලු පළල් මාවත්වල වැලපීමවන්නේය; සියලු වීථිවල ඔව්හු-අනේ, අනේයයි කියන්නෝය; වැලපෙන පිණිස ගොවියාටත් විලාප කියන පිණිස ළතෝනි කීමෙහි දක්ෂ අයටත් අඬගසන්නෝය.
නුඹලාට විලාපකීමුව, නුඹලා ඇඬුවේ නැතැයි වෙළඳාම්පළවල හිඳ තමුන්ගේ යහළුවන්ට හඬගසා කියන්නාවූ ළමයින්ට සමානය.
සිනගෝගයේ මුලාදෑනියාගේ ගෙට ආසේක. එවිට උන්වහන්සේ කෝලාහලයක්ද බොහෝසේ හඬාවැලපෙන්නවුන්ද බලා,