ඒ රාත්‍රිය වඳ එකක් වේවා; ඒ තුළ කිසි ප්‍රීතිමත් හඬක් නොඇසේවා.
ඒ රාත්‍රිය වනාහි ඝනාන්ධකාරයට අසුවේවා. ඒක අවුරුද්දේ දවස් අතරේ ප්‍රීති නොවේවා; ඒක මාසවල ගණනට නොපැමිණේවා.
දවස්වලට ශාපකරන්නාවූ, ලෙවියාතන් පුබුදුවන්ට සමර්ථව සිටින්නාවූ අය ඊට ශාපකෙරෙත්වා.
රබන්වල ප්‍රීතිය නවතියි. ප්‍රීතිවන්නන්ගේ ඝෝෂාව අත්හිටියි, වීණාවේ ප්‍රීතිය නවතියි.
එවිට යූදා නුවරවලිනුත් යෙරුසලමේ වීථිවලිනුත් ප්‍රීති හඬද සන්තෝෂ හඬද මනමාලයාගේ හඬද මනමාලීගේ හඬද නවත්වන්නෙමි. මක්නිසාද දේශය පාළුවක් වන්නේය.