නුමුත් ස්වාමීන්වහන්සේ තද හුළඟක් මුහුද පිටට පැමිණෙවුසේක, එයින් මුහුදේ මහත් කුණාටුවක් වී නැව බිඳෙන්ට ළංවිය.
ස්වාමීන්වහන්සේ යමකට කැමතිවූසේක්ද එය අහසෙහිද පොළොවෙහිද මුහුදුවල සහ හැම ගැඹුරු තැන්හිද ඉෂ්ටකළසේක.
උන්වහන්සේ පොළෝ කෙළවරින් වලාකුල් නංවනසේක; වර්ෂාවට විදුලි සාදනසේක; ස්වකීය ගබඩාවලින් හුළඟ නික්මවනසේක.
ගිනි සහ ගල් වර්ෂාවෙනි, හිම සහ වාෂ්පයෙනි, උන්වහන්සේගේ ආඥාව ඉෂ්ටකරන මාරුතයෙනි,
මෝසෙස් තමාගේ සැරයටිය මිසර දේශය කෙරෙහි දිගුකෙළේය, ස්වාමීන්වහන්සේද ඒ දවසේ දවාල හා රාත්‍රිය මුළුල්ලෙහි ඒ දේශය පිටට පෙරදිග සුළඟක් පැමිණෙවුසේක; පහන්වුණු කල පෙරදිග සුළඟින් පළඟැටියෝ ගෙනෙන ලද්දෝය.
ස්වාමීන්වහන්සේ ඉතා බලවත් හුළඟක් බස්නාහිරින් හැමවූසේක, පළඟැටියෝ ගහගන ගොස්, රතු මුහුදේ හෙළන ලද්දෝය; මිසරයේ මුළු සීමාව තුළ එක පළඟැටියෙක්වත් ඉතුරුනොවීය.
මෝසෙස් තමාගේ අත මුහුදට උඩින් දිගුකෙළේය. ස්වාමීන්වහන්සේද ඒ මුළු රාත්‍රියෙහි බලවත්වූ නැගෙනහිර සුළඟක් කරණකොටගෙන මුහුද ආපසු යන්ට සලස්වා මුහුද ගොඩබිමක් කළසේක, ජලද බෙදීගියේය.
ඔබ ස්වකීය හුස්ම පිඹලූසේක, එවිට මුහුද ඔවුන් වසාගත්තේය. ඔව්හු මහත් ජලයෙහි ඊයම් මෙන් කිඳුණෝය.
උන්වහන්සේ ස්වකීය හඬ පවත්වන කල අහසෙහි ජල ඝෝෂාවක් ඇත්තේය. උන්වහන්සේ පොළොවේ කෙළවරෙන් වලාකුල් නැගී එන්ට සලස්වනසේක; වර්ෂාවට විදුලි සාදනසේක, තමන්ගේ ගබඩාවලින් හුළඟ ගෙනෙනසේක.
මක්නිසාද උන්වහන්සේ කඳු සාදන්නාවූ, හුළඟ මවන්නාවූ, මනුෂ්‍යයාට තමාගේ කල්පනාව මොකද කියා දන්වන්නාවූ, පහන් වේලාව අන්ධකාරකරන්නාවූ, පොළොවේ උස්තැන් පිට යන්නාවූ තැනන්වහන්සේය; උන්වහන්සේගේ නාමය සේනාවල දෙවිවූ ස්වාමීන්වහන්සේය.
එවිට ස්වාමීන්වහන්සේ කෙරෙන් සුළඟක් නික්ම ගොස් වටුවන් මුහුදෙන් පමුණුවා කඳවුර ළඟ මෙහායින් දවසක ගමන් පමණද එහායින් දවසක ගමන් පමණද දුරටත් පොළොව මතුපිට දෙරියනක් පමණ උසටත් කඳවුර හාත්පසින් උන් වැටෙන්ට සැලැස්විය.