Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යෝනා 1:3

Sinhala Revised Old Version

එහෙත් යෝනා ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් තර්ෂිෂ්ට පලා යන පිණිස නැගිට, යොප්පාවට බැසගොස්, තර්ෂිෂ්ට යන නැවක් එහි සම්බවී, ඊට ගාස්තුව ගෙවා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් ඔවුන් සමඟ තර්ෂිෂ්ට යන පිණිස ඒකට නැගුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

35 හුවමාරු යොමු  

ඉක්බිති දිවාභාගයේ සිසිල් වේලේ ස්වාමිවූ දෙවියන්වහන්සේ උයනෙහි සක්මන්කරන ශබ්දය ඔවුන්ට ඇසුණේය. එවිට මනුෂ්‍යයා සහ ඔහුගේ භාර්යාව ස්වාමිවූ දෙවියන්වහන්සේ ඉදිරියෙන් උයනේ ගස් අතරෙහි සැඟවුණෝය.

කායින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් පිටත්ව ගොස් ඒදනෙන් පෙරදිග නොද් දේශයෙහි වාසය කෙළේය.

ඔහු ඒ අසා නැගිට තමාගේ ප්‍රාණය ගළවා ගැනීමට යනුයේ යූදාට අයිති බෙයෙර්-ෂෙබාට පැමිණ තමාගේ වැඩකාරයා එහි නවතින්ට හැර,

එහි ගුහාවකට ඇතුල්ව නවාතැන් ගත්තේය; ස්වාමීන්වහන්සේගේ වචනයද ඔහු වෙතට පැමිණියේය, උන්වහන්සේ ඔහුට කථාකොට: එලියා, නුඹ මෙහි මක්කරනවාදැයි ඔහුගෙන් ඇසූසේක.

ඉතින් මාගේ ස්වාමියා කී තිරිඟුද යවද තෙල්ද මුද්‍රිකපානයද තමන් මෙහෙකරුවන්ට එවනු ලැබේවා.

අපිද ඔබගේ මුළු ඕනෑකමේ හැටියට ලෙබනොන් සිට ලී කපා ඒවා පහුරුබැඳ, යොප්පාවට මුහුදෙන් ඔබට ගෙනැවිත් දෙන්නෙමුව; එවිට ඔබට ඒවා යෙරුසලමට ගෙන්වා ගත හැකි යයි කීවේය.

මක්නිසාද හූරාම්ගේ සේවකයන් සමඟ තර්ෂිෂ්ට යන නැව් රජුට තිබුණේය. ඒ තර්ෂිෂ් නැව්වලින් රන්ද රිදීද ඇත්දත්ද වඳුරන්ද මොනරුන්ද තුන් අවුරුද්දකට වරක් ගෙනෙන ලද්දේය.

තවද ඔව්හු ගල් වඩුවන්ටත් වඩුවන්ටත් මුදල්ද පාර්සියාවේ රජවූ කෝරෙෂ්ගෙන් තමුන්ට ලැබුණු අවසරයේ හැටියට ලෙබනොන්හි සිට මුහුදෙන් යොප්පාවට කිහිරි ගස් ගෙනෙන පිණිස ශීදොන් වැසියන්ටත් තීර් වැසියන්ටත් කෑම බීම හා තෙල්ද දුන්නෝය.

එවිට ස්වාමීන්වහන්සේ සාතන්ට කථාකොට: බලව, ඔහුට ඇති සියල්ල නුඹේ අත යටතේය; නුමුත් ඔහුට විරුද්ධව නම් නුඹේ අත දිගු නොකරන්නැයි කීසේක. සාතන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් පිටතට ගියේය.

සාතන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් පිටතට ගොස් යෝබ්ගේ පතුල පටන් ඔහුගේ හිස් මුදුන දක්වා නපුරු ගඩු හටගැන්වීමෙන් ඔහුට පහරදුන්නේය.

නැව්වලින් මුහුදේ යන්නාවූ, මහත් ජලයේ වැඩකරන්නාවූ තැනැත්තෝ

තර්ෂිෂ්හි සියලු නැව්වලට විරුද්ධවද අලංකාර පෙනීමක් ඇති සියල්ලට විරුද්ධවද, ඒවා පහත්කරන පිණිස, සේනාවල ස්වාමීන්වහන්සේගේ දවසක් පැමිණෙන්නේය.

තීර් ගැන දිව්‍ය ප්‍රකාශනයය. අහෝ තර්ෂිෂ්හි නැව්කාරයෙනි, කෑමොරගසන්න; මක්නිසාද ගෙයක්වත් ඇතුල්වෙන තැනක්වත් නැති තරමට ඒක නාස්තිවිය. කිත්තිවරුන්ගේ දේශයෙන් ඒක ඔවුන්ට ආරංචිවිය.

එම්බා තර්ෂිෂ්හි දියණියෙනි, නයිල් ගංගාව මෙන් නුඹේ දේශයෙහි පැතිරෙන්න; නුඹ අවටින් බැම්මක් තවත් නැත.

තර්ෂිෂ්ට යාත්‍රාකරන්න; මුහුදුබඩ වැසියෙනි, කෑමොරගසන්න.

සැබවින් ද්වීපයෝද පළමුකොට තර්ෂිෂ්හි නැව්ද මා ගැන බලාසිටින්නෝය. බලාසිටින්නේ දුරින් නුඹේ පුත්‍රයන්ද ඔවුන් සමඟ ඔවුන්ගේ රන්රිදීද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයත් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සෙත් නිසා ගෙනෙන පිණිසය; මක්නිසාද උන්වහන්සේ නුඹට ගෞරවකර තිබේ.

තර්ෂිෂෙන් තහඩුකළ රිදීද උපාශෙන් රන්ද ගෙනෙනු ලැබේ; ඒවා කම්කරුවාගේද රන්කරුවාගේද අත්වල වැඩක්ය; නිල් සහ රත්නිල් රෙදි ඒවායේ වස්ත්‍රය; ඒ සියල්ල දක්ෂ කම්කරුවන්ගේ වැඩක්ය.

මනුෂ්‍ය පුත්‍රය, නුඹ වනාහි මා නුඹට කියන දේ අසන්න; ඒ කැරළිකාර වංශය මෙන් නුඹ කැරළිකාරයෙක් නොවන්න. නුඹේ කට ඇර මා විසින් නුඹට දෙන දෙය කන්නැයි මට කීසේක.

සියලු සම්පත්වල අධිකකම නිසා තර්ෂීෂ් නුඹේ වෙළෙන්දෙක්ව සිටියාය; ඔව්හු රිදීවලින්ද යකඩවලින්ද බෙලෙක්වලින්ද ඊයම්වලින්ද නුඹ සමඟ ගනුදෙනුකළෝය.

මෙලෙස ආත්මය මා ඔසවා, මා ගෙනගියේය. මමද මාගේ ආත්මයෙහි උදහසිනුත් තද දුකිනුත් යුක්තව ගියෙමි, ස්වාමීන්වහන්සේගේ අතද මා කෙරෙහි බලවත්ව තිබුණේය.

එකල ඒ මනුෂ්‍යයෝ ඉතා භයපත්ව: නුඹ කළ මේ දේ කිමෙක්දැයි ඔහුට කීවෝය. එසේ කීවේ තමා ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් පලායන බව ඔහු ඒ මනුෂ්‍යයන්ට කියා තිබී, ඔවුන් එය දැනගන සිටි නිසාය.

ඔහු ස්වාමීන්වහන්සේට යාච්ඤාකරමින්: අනේ ස්වාමීන්වහන්ස, මාගේ රටේ සිටියදීම මා කීවේ මෙය නොවේද? එබැවින් මම තර්ෂිෂ්ට පලායන්ට ඉක්මන් කෙළෙමි. මක්නිසාද ඔබ දයාවන්තවූ, අනුකම්පා ඇත්තාවූ, ඉවසිලිවන්තවූ, ඉතා කරුණාවන්තවූ, විපත්තිය ගැන තැවෙන්නාවූ දෙවිකෙනෙකු බව දැනගන සිටියෙමි.

එහෙත් යේසුස්වහන්සේ: නගුලේ අත තබා ආපසු බලන කිසිවෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට සුදුසු නැතැයි ඔහුට කීසේක.

නුමුත් පාවුල්, ඒ වැඩේට නොගොස් පම්පිලියේදී තමුන්ගෙන් අහක්ව ගියාවූ තැනැත්තා තමුන් සමඟ කැඳවාගන යාම නුසුදුසුයයි සිතුවේය.

එසේහෙයින්, අග්‍රිපා රජ්ජුරුවනි, මම ස්වර්ගීය දර්ශනයට අකීකරු නොවී,

දොර්කස් යන අර්ථ ඇති තබීතා නම් එක්තරා ගෝල ස්ත්‍රියෙක් යොප්පාවෙහි සිටියාය. මේ ස්ත්‍රී බොහෝ යහපත් ක්‍රියාවලද දාන දීමෙහිද යෙදී සිටියාය.

ලිද්දාව යොප්පාවට සමීප බැවින්, පේතෘස් එහි සිටින බව ගෝලයෝ අසා: ප්‍රමාද නොවී අප වෙතට අව මැනවයි ඉල්ලමින් මනුෂ්‍යයන් දෙදෙනෙකු ඔහු වෙතට යැවුවෝය.

එය යොප්පාව මුළුල්ලෙහි ප්‍රකාශවිය. බොහෝ දෙනෙක් ස්වාමීන්වහන්සේ කෙරෙහි අදහාගත්තෝය.

තවද ඔහු සීමොන් නම් කම්කරුවෙකු වෙත යොප්පාවෙහි බොහෝ දවසක් නැවතී සිටියේය.

මක්නිසාද මම ශුභාරංචිය දේශනාකරම් නුමුත් පාරට්ටුකරගැනීමට මට කිසිත් නැත; මක්නිසාද එසේ කිරීමට බැඳී සිටිමි; ශුභාරංචිය දේශනා නොකළොත් මට දුක්වේ.

ඒ දවසේදී ස්වාමීන්වහන්සේ තමන් ශුද්ධවන්තයන් තුළ මහිමය ලබන්ටත් අපේ සාක්ෂිය අදහාගත් නුඹලා සමඟ අදහාගත් සියල්ලන් තුළ මවිතලෙස පෙනෙන්ටත් එන කල්හි,

මේ-යර්කොන්ද යොප්පාව ඉදිරිපිට තිබෙන පළාත ඇතුළුව රක්කොන්ද යන මේවාය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්