යෙරෙමියා 41:2Sinhala Revised Old Versionඑවිට නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් සහ ඔහු සමඟ සිටි මිනිසුන් දසදෙනා බබිලෝනියේ රජු විසින් දේශයේ ආණ්ඩුකාරකමට පත්කළාවූ ෂාපාන්ගේ පුත්‍රවූ අහිකාම්ගේ පුත්‍රයා වන ගෙදලියාට කඩුවෙන් පහරදී ඔහු මැරුවෝය. පරිච්ඡේදය බලන්න |
ඔහු තවත් හැරී ආපසු නොගොස් සිටියදී නෙබුසරදාන් කථාකොට: බබිලෝනියේ රජු විසින් යූදා නුවරවල ආණ්ඩුකාරකමට පත්කළාවූ ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා ළඟට හැරී ගොස්, නුඹ ඔහු වෙත සෙනඟ අතරෙහි වාසයකරන්න; නැත්නම් නුඹට යන්ට පහසුයයි පෙනෙන කොතනට නුමුත් යන්නැයි කීවේය. තවද රැකවලුන්ගේ අධිපතියා ඔහුට ආහාරත් තෑග්ගකුත් දී ඔහු යන්ට හැරියේය.