යෙරෙමියා 41:1Sinhala Revised Old Versionසත්වෙනි මාසයේදී රාජ වංශයට අයිතිවූ, රජුගේ අධිපතීන්ගෙන් කෙනෙක් වන එලිෂාමාගේ පුත්‍රවූ නෙතනියාගේ පුත්‍රයා වන ඉෂ්මායෙල්ද ඔහු සමඟ මිනිසුන් දසදෙනෙක්ද මිශ්පාට අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා ළඟට ආවෝය. එහි ඔව්හු මිශ්පාහිදී එක්ව කෑම කෑවෝය. පරිච්ඡේදය බලන්න |
ඔහු තවත් හැරී ආපසු නොගොස් සිටියදී නෙබුසරදාන් කථාකොට: බබිලෝනියේ රජු විසින් යූදා නුවරවල ආණ්ඩුකාරකමට පත්කළාවූ ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා ළඟට හැරී ගොස්, නුඹ ඔහු වෙත සෙනඟ අතරෙහි වාසයකරන්න; නැත්නම් නුඹට යන්ට පහසුයයි පෙනෙන කොතනට නුමුත් යන්නැයි කීවේය. තවද රැකවලුන්ගේ අධිපතියා ඔහුට ආහාරත් තෑග්ගකුත් දී ඔහු යන්ට හැරියේය.