Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යෙරෙමියා 41:15

Sinhala Revised Old Version

නුමුත් නෙතානියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් මනුෂ්‍යයන් අට දෙනෙකු සමඟ යොහානාන් ඉදිරියෙන් ගැළවී අම්මොන් පුත්‍රයන් ළඟට ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

9 හුවමාරු යොමු  

එකිනෙකා එක මනුෂ්‍යයෙකු බැගින් මැරුවේය; එවිට සිරියවරු පලාගියෝය, ඉශ්‍රායෙල්වරු ඔවුන් පස්සේ එළවාගන ගියෝය. සිරියේ රජවූ බෙන්-හදද් අශ්වයෙකු පිට නැගී අසරුවන් සමඟ ගැළවීගියේය.

නුමුත් සත්වෙනි මාසයේදී රාජ වංශයේ එලිෂාමාගේ පුත්‍රයා වන නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් මනුෂ්‍යයන් දසදෙනෙකුන් සමඟ ඇවිත් ගෙදලියාටත් මිශ්පාහි ඔහු සමඟ සිටි යුදෙව්වරුන්ටත් කල්දිවරුන්ටත් පහරදී මැරුවේය.

එනම් නපුරා විපත්ති දවසට ඉතුරුකර සිටින බවත් ඔවුන් උදහස් දවසට පිටත ගෙනයනු ලබන බවත්ය.

යමෙකුගේ ලෙයින් බරවී සිටින මනුෂ්‍යයා වළට පලායන්නේය; කිසිවෙක් ඔහු නොවලක්වාවා.

මිශ්පා සිට ඉෂ්මායෙල් විසින් අල්ලාගෙන ගිය මුළු සෙනඟද නැවත හැරී කාරේයාගේ පුත්‍රවූ යොහානාන් ළඟට ගියෝය.

එවිට නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් සහ ඔහු සමඟ සිටි මිනිසුන් දසදෙනා බබිලෝනියේ රජු විසින් දේශයේ ආණ්ඩුකාරකමට පත්කළාවූ ෂාපාන්ගේ පුත්‍රවූ අහිකාම්ගේ පුත්‍රයා වන ගෙදලියාට කඩුවෙන් පහරදී ඔහු මැරුවෝය.

ඒ සතා ඔහුගේ අතේ එල්ලී ඉන්නවා ම්ලේච්ඡයෝ දැක: ඒකාන්තයෙන් මේ මනුෂ්‍යයා මිනීමරුවෙක්ය, ඔහු මුහුදෙන් ගැළවුණ නුමුත් ඔහුට ජීවත්වෙන්ට යුක්තිය තෙමේ ඉඩ නොහරින්නේය කියා කථාකරගත්තෝය.

දාවිත් ඇඳිරි වේලාවේ පටන් පසුවදා සවස දක්වා ඔවුන්ට පහරදුන්නේය. ඔටුවන් පිටනැගී පලාගියාවූ යෞවනයන් හාරසියයක් හැර ඔවුන්ගෙන් වෙන කිසිවෙක් ගැළවුණේ නැත.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්