මිශ්පා සිට ඉෂ්මායෙල් විසින් අල්ලාගෙන ගිය මුළු සෙනඟද නැවත හැරී කාරේයාගේ පුත්‍රවූ යොහානාන් ළඟට ගියෝය.
එවිට ඉෂ්මායෙල් සමඟ සිටි මුළු සෙනඟ කාරේයාගේ පුත්‍රවූ යොහානාන් සහ ඔහු සමඟ සිටි සේනාවල සියලු අධිපතීන්ද දුටු විට සන්තෝෂ වූවෝය.
නුමුත් නෙතානියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් මනුෂ්‍යයන් අට දෙනෙකු සමඟ යොහානාන් ඉදිරියෙන් ගැළවී අම්මොන් පුත්‍රයන් ළඟට ගියේය.
නැගෙනහිරෙන් සහ බස්නාහිර දිගෙනුත් සිටිය කානානිවරුන්ටද අමෝරිවරුන්ටද හිත්තීවරුන්ටද පෙරිස්සිවරුන්ටද කඳු රටේ සිටි යෙබූසිවරුන්ටද මිශ්පා දේශයෙහි හෙර්මොන්ට පහළින් සිටිය හෙවීවරුන්ටද කියා යැවීය.