මම ඔවුන් ඉදිරියේදී බාරුක්ට අණකොට:
මාගේ පියාගේ සහෝදරයාගේ පුත්‍රවූ හනමෙල් ඉදිරියේදීද හිරගෙයි මළුවේ හිඳගන උන්නාවූ සියලු යුදෙව්වන් ඉදිරියේදීද විකුණුම්-ඔප්පුව මාසේයාගේ පුත්‍රයා වන නේරියාගේ පුත්‍රවූ බාරුක්ට දුනිමි.
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ මේ ඔප්පු එනම් මුද්‍රාකර තිබෙන මේ විකුණුම්-ඔප්පුවත් නොවසා තිබෙන මේ ඔප්පුවත් රැගෙන බොහෝ කල් පවතින පිණිස මැටි භාජනයක තබන්න.