Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යෙරෙමියා 32:12

Sinhala Revised Old Version

මාගේ පියාගේ සහෝදරයාගේ පුත්‍රවූ හනමෙල් ඉදිරියේදීද හිරගෙයි මළුවේ හිඳගන උන්නාවූ සියලු යුදෙව්වන් ඉදිරියේදීද විකුණුම්-ඔප්පුව මාසේයාගේ පුත්‍රයා වන නේරියාගේ පුත්‍රවූ බාරුක්ට දුනිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

10 හුවමාරු යොමු  

මම ඔවුන් ඉදිරියේදී බාරුක්ට අණකොට:

මා විසින් විකුණුම්-ඔප්පුව නේරියාගේ පුත්‍රවූ බාරුක්ට භාරදුන් පසු මම ස්වාමීන්වහන්සේට මෙසේ යාච්ඤා කෙළෙමි:

රජ වනාහි බාරුක් ලේකම සහ යෙරෙමියා අනාගතවක්තෘ ගෙනෙන්ට රාජ පුත්‍රවූ යෙරාමෙයෙල්ටත් අස්රීයෙල්ගේ පුත්‍රවූ සෙරායාටත් අබ්දෙයෙල්ගේ පුත්‍රවූ ෂෙලෙමියාටත් අණකෙළේය. නුමුත් ස්වාමීන්වහන්සේ ඔවුන් සැඟවූසේක.

එවිට යෙරෙමියා වෙන පොතක් ගෙන නේරියාගේ පුත්‍රවූ බාරුක් ලේකම්ට දුන්නේය; ඔහුද යූදාහි රජවූ යෙහෝයාකීම් ගින්නෙන් දවාදැමුවාවූ පොතේ සියලු වචන යෙරෙමියාගේ මුඛයෙන් අසා එහි ලියුවේය. ඒ වාගේ තවත් බොහෝ වචනත් ඒවාට එකතු කරනලද්දේය.

මයසේයාගේ පුත්‍රවූ නේරියාගේ පුත්‍රයාවන සෙරායා යූදාහි රජවූ ශෙදෙකියාගේ රජකම්කිරීමේ සතරවෙනි අවුරුද්දේදී ඔහු සමඟ බබිලෝනියට යනවිට අනාගතවක්තෘවූ යෙරෙමියා සෙරායාට අණකළ වචනයය. සෙරායා වනාහි ගබඩා නිලමේ විය.

මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පමණක් නොව මනුෂ්‍යයන් ඉදිරියෙහිත් ගරුකටයුතු දේ කරන්ට සිතට ගනිමුව.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්