Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ගීතාවලිය 74:7

Sinhala Revised Old Version

ඔව්හු ඔබගේ ශුද්ධස්ථානය ගිනිලෑවෝය; ඔබගේ නාමයේ නිවාසය බිම හෙළා දූෂණයකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

14 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ තමන් කී වචනය ඉෂ්ටකර තිබේ; මක්නිසාද ස්වාමීන්වහන්සේ කී හැටියට මම මාගේ පියවූ දාවිත් වෙනුවෙන් නැගිට ඉශ්‍රායෙල් සිංහාසනයේ හිඳ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහය ගොඩනැගුවෙමි.

ස්වාමීන්වහන්සේගේ ගෘහයද රජ ගෙයද යෙරුසලමේ සියලු ගෙවල්ද ගිනිලෑවේය, ලොකු ගෙවල් සියල්ලම ඔහු ගින්නෙන් දවාදැමුවේය.

ඔව්හු දෙවියන්වහන්සේගේ ගෘහය දවා දමා, යෙරුසලමේ පවුර කඩාදමා, එහි සියලු මාලිගා ගින්නෙන් දවා, එහි තිබුණ අනර්ඝවූ සියලු බඩු විනාශ කළෝය.

ඔබගේ මෙහෙකරුවාගේ ගිවිසුමට ඔබ පිළිකුල්කළසේක. ඔහුගේ ඔටුන්න බිම හෙළා දූෂණය කළසේක.

පස්වලින් පූජාසනයක් මට සාදා නුඹේ දවන පූජාද නුඹේ ශාන්ති පූජාද නුඹේ බැටළුවන්ද නුඹේ ගවයින්ද එහි පූජාකරව. මා විසින් මාගේ නාමය සඳහන් කරන සියලු තැන්වලදී නුඹ වෙතට අවුත් නුඹට ආශීර්වාදකරන්නෙමි.

අපේ පියවරුන් විසින් ඔබ වර්ණනාකළාවූ අපේ ශුද්ධවූ අලංකාර ගෘහය ගින්නෙන් දවා තිබේ; අපේ සියලු ප්‍රසන්න දේවල් නාස්තිවී තිබේ.

ස්වාමීන්වහන්සේගේ ගෘහයද රජගෙයද ගිනිලැවුවේය; යෙරුසලමේ සියලු ගෙවල්ද එනම් හැම ලොකු ගෙවල්ද ගිනි ලැවුවේය.

ස්වාමීන්වහන්සේ අනුකම්පා නොකොට, යාකොබ්ගේ සියලු වාසස්ථාන නටබුන්කළසේක; උන්වහන්සේ තමන් කෝපයෙන් යූදා දුවගේ බලකොටු බිඳහෙළූසේක; ඒවා බිමටම ගෙනාසේක. උන්වහන්සේ රාජ්‍යයද එහි අධිපතීන්ද කෙලහූසේක.

උන්වහන්සේ තමන් මණ්ඩපය වත්තක් මෙන් පාළුකරදැමූසේක; ස්වකීය රැස්වීමේ ස්ථානය විනාශකළසේක. ස්වාමීන්වහන්සේ සියොන්හි මංගල්‍යය සහ සබත් දවස මතකනැති කෙරෙවුසේක, තමන් උදහසේ කෝපයෙන් රජු සහ පූජකයා එපාකළසේක.

බලව, මම නුඹලාගේ බලයේ පාරට්ටුව වූ, නුඹලාගේ ඇස්වලට ප්‍රියව තිබෙන්නාවූ, නුඹලාගේ ආත්ම ආශාවෙන්නාවූ මාගේ ශුද්ධස්ථානය කෙලහන්නෙමි; නුඹලා විසින් අත්හැර ආවාවූ නුඹලාගේ පුත්‍රයෝද නුඹලාගේ දූවරුද කඩුවෙන් වැටෙන්නෝය.

එබැවින් මම ඉතා නපුරු ජාතීන් ගෙන්වන්නෙමි, ඔව්හු මොවුන්ගේ ගෙවල් උරුමකරගන්නෝය. මම බලවතුන්ගේ උඩඟුකම නවත්වන්නෙමි; මොවුන්ගේ ශුද්ධස්ථානද කෙලහනු ලබන්නේය.

මම නුඹලාගේ නුවරවල් පාළුවක් කොට නුඹලාගේ ශුද්ධස්ථාන නටබුන් බවට පමුණුවන්නෙමි, නුඹලාගේ මිහිරි සුවඳ ආඝ්‍රාණය නොකරන්නෙමි.

රජ්ජුරුවෝ උදහස්වී, තමාගේ යුද්ධසේනාවන් යවා ඒ මිනීමරුවන් විනාශකොට, ඔවුන්ගේ නුවර ගිනිලැවුවේය.

නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන් නාමය තබන පිණිස නුඹලාගේ සියලු ගෝත්‍ර අතරෙන් තෝරාගන්න ස්ථානය වන උන්වහන්සේගේ වාසස්ථානයටම ළඟාවී එහි පැමිණෙන්න.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්