දැන් ඔව්හු පොරොවෙන් හා මිටිවලින් එහි කැටයම් වැඩ සහමුලින්ම කඩා දමති.
ගෘහයේ ඇතුළත කැකිරි වැල්ද පිපුණු මල්ද කැටයම්කළ කිහිරි ලීවලින් වසා තිබුණේය. මුළුල්ලම කිහිරි ලීය; කිසි ගලක් පෙනෙන්ට නොතිබුණේය.
වටකර ඇතුළෙනුත් පිටිනුත් ගෘහයේ සියලු භිත්තිවල ඔහු කෙරුබ්ද තල් ගස්ද පිපුණු මල්ද කොටා කැටයම් වැඩ කෙළේය.
වල් ඔලීව ලීවලින් සෑදූ ඒ දොර දෙකේ ඔහු කෙරුබ්ද තල් ගස්ද පිපුණු මල්ද කැටයම්කර, රනින් වසා, කෙරුබ් හා තල් ගස් පිටත් රත්රන් ගෑවේය.
ඔහු ඒවායේ කෙරුබ්ද තල් ගස්ද පිපුණු මල්ද කපා ඒ කැටයම් පිට සම ලෙස රත්රන් ගෑවේය.