එවිට ඔව්හු උන්වහන්සේගේ වචන විශ්වාසකොට, උන්වහන්සේගේ ප්‍රශංසාව ගායනා කළෝය.
මෙසේ ස්වාමීන්වහන්සේ මිසරවරුන්ට කළ මහත් ක්‍රියාව ඉශ්‍රායෙල්වරු දුටුවාහුය, එබැවින් සෙනඟ ස්වාමීන්වහන්සේට භයව ස්වාමීන්වහන්සේද උන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස්ද විශ්වාසකළෝය.
එවිට මෝසෙස් සහ ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට මේ ගීතිකාව ගායනාකරමින් මෙසේ කීවෝය: මම ස්වාමීන්වහන්සේට ගී කියන්නෙමි, මක්නිසාද උන්වහන්සේ තේජාන්විත ලෙස ජයගත්සේක. උන්වහන්සේ අශ්වයා සහ අසරුවා මුහුදට හෙළූසේක.
ගල පිට ඒවා නම් වචනය අසා සන්තෝෂයෙන් පිළිගන්න නුමුත්, මුල්නැති බැවින්, කලකට පමණක් අදහා, පරීක්ෂා කාලයෙහි වැටීයන්නෝය.
නුඹලා මෙතැනට එන තෙක් උන්වහන්සේ කාන්තාරයේදී නුඹලාට කළ දෙයද,