ජලධාරාවෝ ඔවුන්ගේ විරුද්ධකාරයන් වසාගත්තෝය. ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරු නොවීය.
උන්වහන්සේ ඔවුන් සුරැකිකොට ගෙන ගිය බැවින් ඔව්හු භයනුවූවෝය. නුමුත් මුහුද ඔවුන්ගේ සතුරන් වසා ගත්තේය.
මෝසෙස්ද: භයනොවන්න, නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ අද නුඹලාට සිදුකර දෙන ගැළවීම බලන්න. මක්නිසාද නුඹලා අද දුටු මිසරවරුන් නැවත තවත් කවදාවත් නොදක්නහුය.
ඔබ ස්වකීය හුස්ම පිඹලූසේක, එවිට මුහුද ඔවුන් වසාගත්තේය. ඔව්හු මහත් ජලයෙහි ඊයම් මෙන් කිඳුණෝය.
මක්නිසාද ඵාරාවෝගේ අශ්වයෝ ඔහුගේ රථ සහ අසුරුවන් සමඟ මුහුද තුළට ගියෝය, ස්වාමීන්වහන්සේ සමුද්‍ර ජලධාරාවන් ඔවුන් පිටට හැරෙවුසේක; එහෙත් ඉශ්‍රායෙල් පුත්‍රයෝ වියළි භූමිය පිට මුහුද මැදින් ගියෝය.
ගැඹුරු ජලයෝ ඔවුන් වසාගනිති. ඔව්හු ගලක් මෙන් පතුලට කිඳුණෝය.