මක්නිසාද ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් මුළුමනින්ම මට දෙනලද්දෝය; ඉශ්‍රායෙල් ප්‍රත්‍රයන් අතරෙහි ගර්භයේ ප්‍රථම ඵලවූ සියල්ලන් එනම් සියලු කුලුඳුලන් වෙනුවට ඔවුන් මට ගත්තෙමි.
ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි මනුෂ්‍යයන්ගෙන්ද මෘගයන්ගෙන්ද ගර්භයේ ප්‍රථම ඵලවූ සියලු කුලුඳුලන් මට කැපකරව. එය මට අයිතියයි කීසේක.
බලව, මමම ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් ගර්භයේ පළමුවෙනියන් වන සියලු කුලුඳුලන් වෙනුවට ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් ලෙවීවරුන් ගතිමි; ලෙවීවරු මට අයිති වන්නෝය.
මක්නිසාද සියලු කුලුඳුලෝ මාගේය; මා විසින් මිසර දේශයේ සියලුම කුලුඳුලන්ට පහරදුන් දවසේදී ඉශ්‍රායෙල්වරුන් අතරෙහි මනුෂ්‍යයන්ගෙන්ද මෘගයන්ගෙන්ද සියලුම කුලුඳුලන් මට විශුද්ධකරගතිමි. ඔව්හු මාගේ වන්නෝය; මම ස්වාමීන්වහන්සේයයි කීසේක.
ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි සියලු කුලුඳුලන් වෙනුවට ලෙවීවරුන්ද ඔවුන්ගේ ගවයන් වෙනුවට ලෙවීවරුන්ගේ ගවයන්ද ගනින්න. ලෙවීවරු මාගේ වන්නෝය; මම ස්වාමීන්වහන්සේය.
ලෙවී ගෝත්‍රය පූජකයාවූ ආරොන්ට සේවයකරන පිණිස ඔවුන් ගෙන්වාගෙන ඔහු ඉදිරිපිට සිටවන්න.
ලෙවීවරුන් ආරොන්ටද ඔහුගේ පුත්‍රයන්ටද දෙන්න. ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් මුළුමනින්ම ඔහුට දෙනලද්දෝය.