ඉන්පසු ලෙවීවරු සම්මුඛවීමේ කූඩාරමෙහි මෙහෙකරන පිණිස ඇතුල්වෙත්වා. එසේ ඔවුන් පවිත්‍රකර තේව පූජාවක් කොට ඔවුන් ඔප්පුකරන්න.
ඒ සියල්ල ආරොන්ගේ අත්වලද ඔහුගේ පුත්‍රයන්ගේ අත්වලද තබා ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේව පූජාවක් වශයෙන් වනා තේවකරන්න.
බලව, මමම ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් ගර්භයේ පළමුවෙනියන් වන සියලු කුලුඳුලන් වෙනුවට ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් ලෙවීවරුන් ගතිමි; ලෙවීවරු මට අයිති වන්නෝය.
ආරොන්ද ලෙවීවරුන් ස්වාමීන්වහන්සේගේ මෙහෙය කිරීමට සිටින පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා තේව පූජාවක් වශයෙන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් ඔප්පුකරන්නේය.
නුඹ ආරොන්ද ඔහුගේ පුත්‍රයන්ද ඉදිරිපිට ලෙවීවරුන් සිටුවා ඔවුන් තේව පූජාවක් කොට ස්වාමීන්වහන්සේට ඔප්පුකරන්න.
මක්නිසාද ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් මුළුමනින්ම මට දෙනලද්දෝය; ඉශ්‍රායෙල් ප්‍රත්‍රයන් අතරෙහි ගර්භයේ ප්‍රථම ඵලවූ සියල්ලන් එනම් සියලු කුලුඳුලන් වෙනුවට ඔවුන් මට ගත්තෙමි.