මේවා නුඹලාගේ පරම්පරාවලදී නුඹලාගේ සියලු වාසස්ථානවල නුඹලාට විනිශ්චයේ පනතක් වන්නේය.
සාක්ෂි පෙට්ටිය ඉදිරියෙහි තිබෙන තිරයට පිටතින් සම්මුඛවීමේ කූඩාරමෙහි ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සවස පටන් උදය දක්වා ඒක පිළියෙළකර තබන්නෝය. ඒක ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා ඔවුන්ගේ පරම්පරාවල පැවැත්විය යුතු නිරන්තර පනතක් වන්නේය.
එහෙත් ලෙවීවරුම සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙය කර තමුන්ගේ අපරාධ ගැන වග කියන්නෝය. ඒක නුඹලාගේ පරම්පරාවල සදාකාල පනතක් වන්නේය, ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි ඔවුන්ට කිසි උරුමයක් නොවන්නේය.
එකල යෝසෙප්ගේ පුත්‍රයා වන මනස්සේගේ වංශවලින් මනස්සේගේ පුත්‍රවූ මාකීර්ගේ පුත්‍රයා වන ගිලියද්ගේ පුත්‍රවූ හේඵෙර්ගේ පුත්‍රයා වන ශෙලෝඵෙහාද්ගේ දූවරු ළංවුණෝය. ඔහුගේ දූවරුන්ගේ නාම මාලා, නෝවා, හොග්ලා, මිල්කා, සහ තිර්ශාය.
ඔහුගේ පියාගේ සහෝදරයනුත් නැත්නම් ඔහුගේ වංශයෙන් ඔහුට ළඟ නෑයාට ඔහුගේ උරුමය දෙන්න. ඔහුට ඒක හිමිවිය යුතුය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළලෙස ඒක ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විනිශ්චය පිළිබඳ පනතක් වන්නේයයි කීසේක.
මක්නිසාද උත්තම පූජකයා නසින තුරු ඔහු ආරක්ෂා නුවර සිටිය යුතු වූයේය. එහෙත් උත්තම පූජකයාගේ මරණින් පසු මිනීමරන්නාට තමාගේ උරුමය තිබෙන රටට හැරී එන්ට පුළුවන.