මක්නිසාද උත්තම පූජකයා නසින තුරු ඔහු ආරක්ෂා නුවර සිටිය යුතු වූයේය. එහෙත් උත්තම පූජකයාගේ මරණින් පසු මිනීමරන්නාට තමාගේ උරුමය තිබෙන රටට හැරී එන්ට පුළුවන.
ලේවල පළිය ගන්නාට ඔහුගේ ආරක්ෂා නුවර සීමාවෙන් පිටතදී ඔහු සම්බවී ඔහු මරන්නේවී නුමුත්, ඔහු ලේ ගැන වරදකාරයෙක් නොවන්නේය.
මේවා නුඹලාගේ පරම්පරාවලදී නුඹලාගේ සියලු වාසස්ථානවල නුඹලාට විනිශ්චයේ පනතක් වන්නේය.
ඔහු ඇවිත් දෙවියන්වහන්සේගේ අනුග්‍රහය දැක, සන්තෝෂවී, ස්වාමීන්වහන්සේ කෙරෙහි ස්ථිර සිතින් ඇලුම්ව සිටින්ට ඔවුන් සියල්ලන්ට අවවාදකෙළේය.
පාවුල් කථාකොට: මොවුන් නැවේ සිටියොත් මිස නැත්නම් නුඹලාට ගැළවෙන්ට නුපුළුවනැයි සියයකට මුලාදෑනියාටද හේවායන්ටද කීවේය.
නුමුත් අපි වනාහි විනාශවන ලෙස පසුබටවීමට නොව ප්‍රාණය ගැළවෙන ලෙස ඇදහීමට අයිතිවමුව.
මක්නිසාද: අද නුඹලා උන්වහන්සේගේ හඬ අසන්නහු නම් උදහස් ඉපදවීමේදී මෙන් නුඹලාගේ සිත් දැඩිකර නොගන්නැයි කියා තිබෙන හැටියට,