ඒතාමෙන් පිටත්ව ගොස් බාල්-ශෙඵොන් ඉදිරිපිට තිබෙන පීහාහිරොත්ට හැරී ගොස් මිග්දොල් ඉදිරියෙහි කූඩාරම් ගසාගත්තෝය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්:
ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකොට–හැරී මිග්දෝල් සහ මුහුද අතරෙහි බාල්-ශෙඵොන් ඉදිරිපිට තිබෙන පී-හහීරොත් ඉදිරිපිට කූඩාරම් ගහගන්ට ඔවුන්ට කියන්න. එය ඉදිරිපිට මුහුද ළඟ කූඩාරම් ගහගන්න.
මිසරවරු එනම් ඵාරාවෝගේ සියලු අසුන් සහ රථද ඔහුගේ අසරුවෝද ඔහුගේ සේනාවද ඔවුන් ලුහුබැඳ විත් බාල්-ශෙඵොන් ඉදිරිපිට පී-හහීරොත්හි මුහුදුබඩ කූඩාරම් ගහගන සිටි ඔවුන්ට ළංවූය.
ඔව්හු හාහිරොත් ඉදිරියෙන් පිටත්ව ගොස් මුහුද මැදින් කාන්තාරයට අවුත් ඒතාම් කාන්තාරයෙහි තුන් දවසක ගමන්ගෙන මාරාහි කූඩාරම් ගසාගත්තෝය.