ඔව්හු එෂ්කොල් මිටියාවතට ගොස් දේශය දැක ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දුන් දේශයට ඔවුන් නොපැමිණෙන ලෙස ඔවුන්ගේ සිත් කලකිරෙවුවෝය.
ඔව්හු එෂ්කොල් මිටියාවතට අවුත් එතැනින් එක මුද්‍රික පොකුරක් ඇති අත්තක් කපාගත්තෝය, දෙදෙනෙක් ඒක දණ්ඩක තඩලාගන ආවෝය; ඔව්හු දෙළුම් හා අත්තික්කාත් ගෙනාවෝය.
ඉශ්‍රායෙල් පුත්‍රයන් එහිදී කපාගත් මුද්‍රික පොකුර නිසා ඒ ස්ථානයට එෂ්කොල් මිටියාවත යයි නම් තබන ලද්දේය.
මෝසෙස් සහ ආරොන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුළු සභාවද වෙතට පාරාන් කාන්තාරයෙහිවූ කාදෙෂ්ට පැමිණ ඔවුන්ටත් මුළු සභාවටත් තොරතුරු දන්වා දේශයේ ඵල ඔවුන්ට පෙන්නුවෝය.