ඒ දවසේදී ස්වාමීන්වහන්සේගේ උදහස ඇවුළුණේය. උන්වහන්සේ කථාකොට:
එබැවින්: ඔව්හු මා දෙන නිවාඩුවට නොපැමිණෙන්නෝයයි මාගේ උදහසින් දිවුළෙමි.
තවද මා දුන්නාවූ, කිරිද මීපැණිද ගලායන්නාවූ, සියලු දේශවලට වඩා උතුම්වූ දේශයට ඔවුන් නොපමුණුවමියි කියා කාන්තාරයේදී ඔවුන්ට මාගේ අත එසෙවුවෙමි.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: මේ සෙනඟ කොපමණ කල් මා හෙළාදකින්නෝද? ඔවුන් අතරෙහි මා විසින් කළ සියලු ලකුණු දැකලාවත් කොපමණ කල් ඔව්හු මා අදහා නොගෙන සිටින්නෝද?
එහෙත් මා ජීවත්ව සිටිනවාත් මුළු පොළොව ස්වාමීන්වහන්සේගේ තේජසෙන් පූර්ණකරනු ලබනවාත් සැබෑවාසේම,
සැබවින් මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දෙනලෙස දිවුළ දේශය ඔව්හු නොදක්නෝය, මා හෙළාදැක්වූ කිසිවෙක්වත් ඒක නොදක්නේය.
විසි අවුරුද්ද පටන් ඉන් ඉහළ වයස් ඇත්තාවූ, නුඹලාගේ මුළු ගණන වන නුඹලා අතරෙන් ගණන්කරන ලද්දාවූ, මට විරුද්ධව කොඳුළාවූ නුඹලා සියල්ලන්ගේ මළකඳන් මේ කාන්තාරයෙහි වැටෙනවා ඇත.