මක්නිසාද යුද්ධකාරයෝ තම තමුන්ට කොල්ලය ලබාගන සිටියෝය.
යෙහෝෂාපාට්ද ඔහුගේ සෙනඟද ඔවුන්ගෙන් කොල්ලය ගන්ට ආ කල වස්තුවද මළකඳන්ද අනර්ඝ බඩුද ඔවුන්ට සම්බවුණේය; ගෙනයන්ට බැරි තරමට ඔව්හු ඒවා ගළවාගත්තෝය. කොල්ලය අධික බැවින් ඔවුන් තුන් දවසක් ඒවා එකතුකරමින් සිටියෝය.
යුද්ධකාරයන් විසින් අල්වාගත් දේ හැර අනික් කොල්ලය බැටළුවන් සලක්ෂ හැත්තෑපන්දාහක්ද,
එසේ සහස්‍රාධිපතීන්ගෙන්ද ශතාධිපතීන්ගෙන්ද ලැබී ස්වාමීන්වහන්සේට ඔප්පුකළ එසවීමේ පූජාවේ රන් සියල්ල ෂෙකෙල් සොළොස් දහස් සත්සිය පනසක්ය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ මිදියන් ස්ත්‍රින්ද ඔවුන්ගේ බාලයන්ද වහල්කමට ගෙන ඔවුන්ගේ සියලු ගවයන්ද ඔවුන්ගේ සියලු සිව්පා රැළවල්ද ඔවුන්ගේ සියලු සම්පත්ද කොල්ලයක් කොට ගත්තෝය.
නුමුත් ස්ත්‍රීන්ද බාලයන්ද සිව්පාවුන්ද නුවර තිබෙන සියල්ල එනම් එහි මුළු කොල්ලයද නුඹලාටම කොල්ලයක් පිණිස අරගන්න; නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දුන්නාවූ නුඹේ සතුරන්ගෙන් ගන්න කොල්ලය නුඹට කන්නට පුළුවන.