එසේ සහස්‍රාධිපතීන්ගෙන්ද ශතාධිපතීන්ගෙන්ද ලැබී ස්වාමීන්වහන්සේට ඔප්පුකළ එසවීමේ පූජාවේ රන් සියල්ල ෂෙකෙල් සොළොස් දහස් සත්සිය පනසක්ය.
මෝසෙස් සහ පූජකවූ එලෙයාසර් ඒ රන් එනම් සාදාපු සියලු ආභරණ ඔවුන්ගෙන් පිළිගත්තෝය.
මක්නිසාද යුද්ධකාරයෝ තම තමුන්ට කොල්ලය ලබාගන සිටියෝය.