තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:
මරනු ලැබූ මිදියන් ස්ත්‍රියගේ නම කොස්බීය, ඈ වනාහි මිදියන්වරුන්ගේ පියවංශයක සෙනඟගේ ප්‍රධානියා වූ ශූර්ගේ දුවය.
මිදියන්වරුන් පෙයෝර්ගේ කාරණයේදීද පෙයෝර්ගේ කාරණය නිසා වසංගතය පැමිණි දවසේදී මරනු ලැබූ ඔවුන්ගේ සහෝදරී වන මිදියන් අධිපතියෙකුගේ දුවවූ කොස්බීගේ කාරණයේදීද ඔවුන් නුඹලාට කළාවූ ඔවුන්ගේ ප්‍රයෝගවලින් ඔවුන් නුඹලාට සතුරුකම් කරන බැවින්,
ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා මිදියන්වරුන්ගෙන් පළිගන්න. ඉන්පසු නුඹ නුඹේ සෙනඟට එක්කරනු ලබන්නෙහියයි කීසේක.