මරනු ලැබූ මිදියන් ස්ත්‍රියගේ නම කොස්බීය, ඈ වනාහි මිදියන්වරුන්ගේ පියවංශයක සෙනඟගේ ප්‍රධානියා වූ ශූර්ගේ දුවය.
මිදියන්හි වැඩිමහල්ලන්ට කථාකොට: ගවයා කෙතේ තෘණ කා දමන්නාක් මෙන් ඒ සමූහයා අප වටකර තිබෙන සියල්ල කාදමනවා ඇතැයි කීවේය. ශිප්පෝර්ගේ පුත්‍රවූ බාලාක් ඒ කාලයේ මෝවබ්හි රජව සිටියේය.
මරනු ලැබු එනම් මිදියන් ස්ත්‍රිය සමඟ මරනු ලැබූ ඉශ්‍රායෙල් මනුෂ්‍යයාගේ නම සිම්රීය, ඔහු වනාහි සාලුගේ පුත්‍රවූ, සිමියොන්වරුන්ගේ පිය වංශයක අධිපතියෙක්ය.
තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට:
ඔවුන්ට සතුරුකම්කොට පහරදෙන්නැයි කීසේක.
මරනලද්දවුන් අතරේ එවීද රෙකෙම්ද ශූර්ද හූර්ද රෙබාද යන මිදියන් රජුන් පස්දෙනාද මැරුවෝය. ඔව්හු බෙයෝර්ගේ පුත්‍රවූ බාලාම්ද කඩුවෙන් මැරුවෝය.
තලාවේ සියලු නුවරවල්ද හෙෂ්බොන්හි රජකම් කළ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ගේ මුළු රාජ්‍යයද යන මේවාය. ඔහුට සහ දේශයෙහි වාසය කළාවූ සීහොන්ගේ අමාත්‍යයන්ව සිටියාවූ මිදියන්හි අධිපතීන් වන එවීටත් රෙකෙම්ටත් ශූර්ටත් හූර්ටත් රෙබාටත් මෝසෙස් පහරදුන්නේය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ වනාහි ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළෝය. ස්වාමීන්වහන්සේ ඔවුන් මිදියන්වරුන් අතට සත් අවුරුද්දකට පාවාදුන්සේක.