බාලාම්ද: තී මට සරදම්කළ නිසාය. මාගේ අතේ කඩුවක් තිබුණේවී නම් මා විසින් මෙලහට තී මැරුවා නොවේදැයි කොටළුදෙනට කීවේය.
බලව, නුඹේ වචන ලෙස වෙතොත් කැමැත්තෙමියි කියා
ධර්මිෂ්ඨයා තම තිරිසනාගේ ප්‍රාණය ගැන සලකන්නේය; එහෙත් දුෂ්ටයන්ගේ මෘදු අනුකම්පා කෲරය.
මෝඩයාගේ කෝපවීම එවේලේම එළිදරව්වන්නේය; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා ලජ්ජාව සඟවාගන්නේය.
ඉර යට කෙරෙන සියල්ල අතරේ ඇති නරකක් නම් සියල්ලන්ට එක සිද්ධියක් ඇතිවීමය. එසේ මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් නපුරෙන් පිරී ඔවුන් ජීවත්වන තෙක් මෝහය ඔවුන්ගේ සිත්වල තිබේ, ඉන්පසු ඔව්හු මළවුන් ළඟට යන්නෝය.
කොටළුදෙන: මම ඔබගේ මුළු ජීවිතයේ අද දක්වා ඔබ නැගීගිය ඔබගේ කොටළුදෙන නොවෙම්ද? ඔබට මෙසේ කරන්ට කවදාවත් පුරුදුව සිටියෙම්දැයි බාලාම්ට කීවාය.
මක්නිසාද නපුරු සිතිවිලි, මිනීමැරුම්, කාමමිථ්‍යාචාරකම්, වේශ්‍යාකම්, සොරකම්, බොරු සාක්ෂිකීම් සහ අපහාසකිරීම් සිතින් නික්මෙන්නේය.