එවිට ස්වාමීන්වහන්සේ කොටළුදෙනගේ මුඛය ඇරෙවුසේක, ඈද: මේ තුන් වරක්ම මට ගැසීමට මම ඔබට කුමක් කෙළෙම්දැයි බාලාම්ට කීවාය.
එවිට ස්වාමීන්වහන්සේ කථාකොට: මනුෂ්‍යයාගේ මුඛය සෑදුවේ කවුද? නොහොත් ගොළුවෙක් හෝ බිහිරෙක් කොට මනුෂ්‍යයෙකු මවන්නෙත් යමෙකුට පෙනෙන්ට හෝ අන්ධවෙන්ට හෝ සලස්වන්නෙත් කවුද? ස්වාමීන්වහන්සේ වන මම නොවේද?
බාලාම්ද: තී මට සරදම්කළ නිසාය. මාගේ අතේ කඩුවක් තිබුණේවී නම් මා විසින් මෙලහට තී මැරුවා නොවේදැයි කොටළුදෙනට කීවේය.
මක්නිසාද දෙවියන්වහන්සේගෙන්වූ කිසි වචනයක් බල රහිත නොවන්නේයයි කීවේය.
මක්නිසාද මුළු මැවිල්ල මේ දක්වා එක්ව කෙඳිරිගාමින් ගාවිනා විඳින බව දනිමුව.
ඒ හැටියට: මම ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැති කරන්නෙමි, බුද්ධිමත් අයගේ බුද්ධිය පහකරන්නෙමියි ලියා තිබේ.
නුමුත් ඔහු තමාගේම අපරාධය ගැන තරවටුකරනු ලැබුවේය. ගොළු කොටළුවෙක් මනුෂ්‍ය හඬින් කථාකොට අනාගතවක්තෘගේ උමතුව වැලැක්වූයේය.