බලව, මිසරයෙන් ආ සෙනඟ පොළෝතලය වසාගෙන සිටිති. දැන් ඇවිත් මා උදෙසා ඔවුන්ට ශාපකරන්න; සමහරවිට ඔවුන්ට විරුද්ධව යුද්ධ කොට ඔවුන් පන්නාහරින්ට හැකිවන්නෙමියි කියා එවා තිබේයයි දෙවියන්වහන්සේට කීවේය.
මනුෂ්‍ය වර්ගයෝ නුඹට සේවය කෙරෙත්වා, ජාතීහු නුඹ බැහැදකිත්වා. නුඹේ සහෝදරයන් කෙරෙහි ස්වාමියෙක් වෙන්න, නුඹේ මෑණියන්ගේ පුත්‍රයෝ නුඹ බැහැදකිත්වා. නුඹට ශාපකරන සියල්ලෝ ශාප කරනු ලබත්වා, නුඹට ආශීර්වාදකරන සියල්ලෝ ආශීර්වාද කරනු ලබත්වයි කීය.
බාලාම්ද: මෝවබ්හි රජවූ ශිප්පෝර්ගේ පුත්‍රවූ බාලාක් ඔවුන් මා වෙතට එවා:
දෙවියන්වහන්සේ: ඔවුන් සමඟ නොයන්න; ඒ සෙනඟට ශාප නොකරන්න. මක්නිසාද ඔව්හු ආශීර්වාදලත් සෙනඟක් යයි බාලාම්ට කීසේක.
බාලාක්: නුඹ මට කළේ මොකද? මාගේ සතුරන්ට ශාපකරන්ට නුඹ ගෙන්වා ගත්තෙමි, එහෙත්, නුඹ ඔවුන්ට ආශීර්වාදම කෙළෙහියයි බාලාම්ට කීවේය.
ඔහු උපමා කථා පවසමින් කියනුයේ: ඇවිත් මා වෙනුවෙන් යාකොබ්ට ශාපකරන්න, ඇවිත් ඉශ්‍රායෙල්ට දෙස් කියන්නැයි කියා මෝවබ්හි රජවූ බාලාක් අරාමෙන්ද පෙරදිග්හි කඳුවලින්ද මා ගෙන්වුවේය.
එවිට බාලාක්ගේ කෝපය බාලාම්ට විරුද්ධව ඇවුළුණේය, ඔහු තමාගේ අත් එකට ගසා: මාගේ සතුරන්ට ශාපකරන පිණිස නුඹ කැඳවාගතිමි, එහෙත් නුඹ දැන් තුන් වරක් ඔවුන්ට ආශීර්වාද කෙළෙහිය.
එහෙත් මා බාලාම්ට ඇහුම්කන්දෙන්ට නොකැමැතිවූ හෙයින් ඔහු නුඹලාට ආශීර්වාදම කෙළේය. මෙසේ මම ඔහුගේ අතින් නුඹලා ගැළවීමි.
පිලිස්තියයා දාවිත්ට කථාකොට: තෝ සැරයටි රැගෙන මා ළඟට එන්නේ මම බල්ලෙක්දැයි කියා, තමාගේ දෙවියන්ගේ නාමයෙන් දාවිත්ට දෙස්කීවේය.