බාලාම්ද: මෝවබ්හි රජවූ ශිප්පෝර්ගේ පුත්‍රවූ බාලාක් ඔවුන් මා වෙතට එවා:
බලව, මිසරයෙන් ආ සෙනඟ පොළෝතලය වසාගෙන සිටිති. දැන් ඇවිත් මා උදෙසා ඔවුන්ට ශාපකරන්න; සමහරවිට ඔවුන්ට විරුද්ධව යුද්ධ කොට ඔවුන් පන්නාහරින්ට හැකිවන්නෙමියි කියා එවා තිබේයයි දෙවියන්වහන්සේට කීවේය.
දෙවියන්වහන්සේ බාලාම් වෙතට අවුත්: නුඹ සමඟ සිටින මේ මනුෂ්‍යයෝ කවුරුදැයි ඇසූසේක.
මරනලද්දවුන් අතරේ එවීද රෙකෙම්ද ශූර්ද හූර්ද රෙබාද යන මිදියන් රජුන් පස්දෙනාද මැරුවෝය. ඔව්හු බෙයෝර්ගේ පුත්‍රවූ බාලාම්ද කඩුවෙන් මැරුවෝය.