Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ගණන් කථාව 19:15

Sinhala Revised Old Version

කඩවැස්මක් නොබැඳ ඇරලා තිබෙන සියලු භාජන අපවිත්‍රය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

6 හුවමාරු යොමු  

උන් මළ පසු යම් බඩුවක් පිටට වැටුණොත් ලී භාජනයක් නුමුත් ඇඳුමක් නුමුත් හමක් නුමුත් මල්ලක් නුමුත් යම් වැඩකට පාවිච්චිකරන වෙනයම් භාජනයක් නුමුත් ඒක අපවිත්‍රවන්නේය, එය වතුරෙහි දැමිය යුතුය, එය සවස දක්වා අපවිත්‍රව තිබේ; ඉන්පසු එය පවිත්‍රවන්නේය.

උන්ගෙන් යම් එකෙක් මැටි භාජනයක වැටුණොත් එහි තිබෙන සියල්ල අපවිත්‍රවන්නේය, ඒකද බිඳ දැමිය යුතුය;

එවිට ගෙයි තිබෙන සියල්ල අපවිත්‍ර නොවන පිණිස පූජකයා කුෂ්ඨය බැලීමට ඇතුල් වෙන්ට මත්තෙන් ගේ හිස්කරන්ට ඔවුන්ට අණකළ යුතුය. ඉන්පසු පූජකයා ගෙය බලන්ට ඇතුල්විය යුතුය.

මනුෂ්‍යයෙක් කූඩාරමක මැරුණු කල්හි ව්‍යවස්ථාව මේය: ඒ කූඩාරමට ඇතුල්වන සියල්ලෝද කූඩාරමේ සිටින සියල්ලෝද සත් දවසක් අපවිත්‍රව සිටින්නෝය.

කඩුවෙන් මැරුම්කෑ කෙනෙකුටවත් මළකඳකවත් මිනී ඇටයකවත් මිනී වළකවත් එළිමහනේදී ස්පර්ශවන තැනැත්තේ සත් දවසක් අපවිත්‍ර වන්නේය.

සියලු වස්ත්‍රද සියලු හම් බඩුද එළු ලොම්වලින් සෑදූ සියලු දේද සියලු ලී බඩුද නුඹලාම පවිත්‍රකරන්නැයි කීවේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්