Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ගණන් කථාව 19:14

Sinhala Revised Old Version

මනුෂ්‍යයෙක් කූඩාරමක මැරුණු කල්හි ව්‍යවස්ථාව මේය: ඒ කූඩාරමට ඇතුල්වන සියල්ලෝද කූඩාරමේ සිටින සියල්ලෝද සත් දවසක් අපවිත්‍රව සිටින්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

13 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් වංශයද දේශය පිරිසිදුකරන පිණිස සත් මසක් ඔවුන් වළලමින් සිටින්නෝය.

ඔහු පිරිසිදුවූ පසු ඔහුට සත් දවසක් නියමකරන්ට යෙදේවා.

සියලු ආකාර කුෂ්ඨරෝගද කබලුද,

වැගිරීමක් ඇත්තාද ශුක්‍ර වැගිරීමෙන් අපවිත්‍ර වෙන්නාද ඔසප් ඇතිවීමෙන් අසනීපව සිටින්නීද,

ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: ආරොන්ගේ පුත්‍රවූ පූජකයන්ට කථාකරමින් මෙසේ කියන්න–කිසිවෙක් තමාගේ සෙනඟ අතරේ මළවුන් උදෙසා අපවිත්‍ර නොවිය යුතුය;

ඔහු කිසි මළකඳක් ළඟට නොයා යුතුය, තමාගේ පියා උදෙසාවත් තමාගේ මවු උදෙසාවත් අපවිත්‍ර නොවිය යුතුය;

යමෙක් මැරුණු මිනිසෙකුගේ මළකඳට ස්පර්ශවූ කල්හි, ඔහු දෝෂ පහකර නොගත්තොත්, ස්වාමීන්වහන්සේගේ මණ්ඩපය දූෂණය කරන්නේය; ඒ තැනැත්තේ ඉශ්‍රායෙල්වරුන් අතරෙන් සිඳදමනු ලබන්නේය. අපවිත්‍රකම පහකිරීමේ වතුර ඔහු කෙරෙහි නොඉස්ස බැවින් ඔහු අපවිත්‍රවන්නේය; ඔහුගේ අපවිත්‍රකම ඒ වන තුරු ඔහු කෙරෙහි තිබේ.

කඩවැස්මක් නොබැඳ ඇරලා තිබෙන සියලු භාජන අපවිත්‍රය.

සියලු වස්ත්‍රද සියලු හම් බඩුද එළු ලොම්වලින් සෑදූ සියලු දේද සියලු ලී බඩුද නුඹලාම පවිත්‍රකරන්නැයි කීවේය.

සියලු කුෂ්ඨරෝගීන්ද ප්‍රමේහයක් ඇති සියල්ලන්ද මෘත ශරීරයකින් අපවිත්‍රව සිටින සියල්ලන්ද කඳවුරෙන් පිටතට යවන්ට ඉශ්‍රායෙල් පුත්‍රයන්ට අණකරන්න.

ඔහු ස්වාමීන්වහන්සේට කැපවී සිටින සියලු දවස්වල මෘත ශරීරයක් ළඟට නොයා යුතුය.

නුමුත් ඔහුගේ කැපවූ හිස අපවිත්‍රවෙන පරිද්දෙන් යමෙක් ඔහු ළඟ ඉතා හදිසියෙන් මළොත්, ඔහු පිරිසිදුවෙන දවසේ එනම් සත්වෙනි දවසේ තමාගේ හිස බූගා ගනීවා.

මෘත ශරීරයකින් අපවිත්‍රවී ඒ දවසේ පාස්කුව පවත්වන්ට නොහැකිවූ සමහර මනුෂ්‍යයෝ එහි සිටියෝය. ඒ මනුෂ්‍යයෝ ඒ දවසේදී මෝසෙස් සහ ආරොන් ඉදිරියට අවුත් කථාකොට:




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්