රාත්‍රියෙහි කඳවුර පිට පිනි වැටුණු කල මන්නා ඒ පිට වැටුණේය.
ඔව්හු ඉල්ලුවෝය, උන්වහන්සේ වටුවන් එවූසේක, ස්වර්ගීය භෝජනයෙන් ඔවුන් තෘප්තියට පැමිණවූසේක.
සෙනඟ පවුල් වශයෙන් තම තමුන්ගේ කූඩාරම් දොරකඩවල සිට අඬනවා මෝසෙස්ට ඇසුණේය. ස්වාමීන්වහන්සේගේ උදහසද බොහෝසෙයින් ඇවුළුණේය; මෝසෙස් අප්‍රසන්නවිය.
සෙනඟ එහා මෙහා ගොස් ඒවා රැස්කරගන ඇඹරුම් ගලෙන් අඹරා නොහොත් වනේ ලා කොටා සැළියක උයා කැවිලි සෑදුවෝය. එහි රස අලුත් තෙල් රස හා සමානය.
මාගේ ශික්ෂාව වර්ෂාව මෙන් බසින්නේය, මාගේ කථාව පිනිමෙන්ද, ළා තණකොළ පිට වැසිපොද මෙන්ද, තණකොළ පිට වැස්ස මෙන්ද පහළ වන්නේය.