Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ගණන් කථාව 11:10

Sinhala Revised Old Version

සෙනඟ පවුල් වශයෙන් තම තමුන්ගේ කූඩාරම් දොරකඩවල සිට අඬනවා මෝසෙස්ට ඇසුණේය. ස්වාමීන්වහන්සේගේ උදහසද බොහෝසෙයින් ඇවුළුණේය; මෝසෙස් අප්‍රසන්නවිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

19 හුවමාරු යොමු  

නුමුත් තමුන්ගේ කූඩාරම්වලදී කොඳුළෝය, ස්වාමීන්ගේ ශබ්දයට ඇහුම්කන් නුදුන්නෝය.

ස්වාමිනි, ඔබට වෛරවන්නන්ට මම වෛර නොකරම්ද? ඔබට විරුද්ධව නැගිටින්නන් සඳහා මම කල නොකිරෙම්ද?

එබැවින් ස්වාමීන්වහන්සේ අසා උදහස්වූසේක. යාකොබ්ට විරුද්ධව ගින්නක් ඇවුළුණේය, ඉශ්‍රායෙල්ට විරුද්ධව කෝපයද නැංගේය;

දෙවියන්වහන්සේ මේ අසා උදහස්වූසේක, ඉශ්‍රායෙල් ඉතා පිළිකුල්කළසේක.

එබැවින් ස්වාමීන්වහන්සේගේ උදහස තමන්ගේ සෙනඟට විරුද්ධව ඇවිළ, උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව තමන්ගේ අත දිගුකොට, හෙල් චංචලවෙන්ටත් ඔවුන්ගේ මළකඳන් කසළ මෙන් වීථිවල තිබෙන්ටත් ඔවුන්ට පහරදුන්සේක. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී, උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.

මා විසින් නුඹට දුන් නුඹේ උරුමයෙන් නුඹ අහක්වන්නෙහිය; නුඹ නොදන්නා දේශයකදී නුඹේ සතුරන්ට සේවයකරන්ට නුඹට සලස්වන්නෙමි; මක්නිසාද නුඹලා මාගේ උදහසින් ගින්නක් දල්වා තිබේ, එය සදාකාලේටම ඇවිළී යනවා ඇත.

සෙනඟ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කොඳුරන්නන් මෙන් දොස්කියමින් සිටියෝය. ස්වාමීන්වහන්සේට එය ඇසුණු කල උන්වහන්සේගේ උදහස ඇවුළුණේය; ස්වාමීන්වහන්සේගේ ගින්න ඔවුන් අතරේ පත්තුවී කඳවුරු සීමාවෙහි දැවෙමින් ගියේය.

මෝසෙස් ස්වාමීන්වහන්සේට කියනුයේ: ඔබ මේ මුළු සෙනඟගේ බර මා පිට තැබීමෙන් ඔබගේ මෙහෙකරුවාට කුමක්නිසා අයහපත කළසේක්ද? ඔබගේ ඇස් හමුවෙහි මට කරුණාව නොපෙන්නුවේ මක්නිසාද?

රාත්‍රියෙහි කඳවුර පිට පිනි වැටුණු කල මන්නා ඒ පිට වැටුණේය.

මෝසෙස් නම් මනුෂ්‍ය තෙමේ පොළෝ මතුයෙහි සිටි සියලු මනුෂ්‍යයන්ට වඩා අධික වශයෙන් මෘදු ගුණාන්විත කෙනෙක් වූයේය.

ස්වාමීන්වහන්සේගේ උදහස ඔවුන්ට විරුද්ධව ඇවිළී, උන්වහන්සේ අහක්ව ගියසේක.

එසේ ඔව්හු හැම අතින්ම කෝරාගේද දාතාන්ගේද අබීරාම්ගේද වාසස්ථානය ළඟින් අහක්ව ගියෝය. දාතාන්ද අබීරාම්ද ඔවුන්ගේ භාර්යාවෝද ඔවුන්ගේ පුත්‍රයෝද ඔවුන්ගේ ළාබාලයෝද පිටතට අවුත් තමුන්ගේ කූඩාරම් දොරකඩ ළඟ සිටියෝය.

සෙනඟ දෙවියන්වහන්සේටත් මෝසෙස්ටත් විරුද්ධව කථාකොට: මේ කාන්තාරයෙහි මැරෙන්ට නුඹලා මිසරයෙන් අප ගෙනාවේ මක්නිසාද? රොටි නැත, වතුරත් නැත; අපේ ප්‍රාණය මේ සැහැල්ලු කෑමට අප්‍රිය කෙරේයයි කීවෝය.

යේසුස්වහන්සේ ඒ දැක ඉතා අමනාපවී: ළදරුවන් මා ළඟට එන්ට හරින්න; ඔවුන් වලක්වන්ට එපා. මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය මෙබඳුවන්ගේය.

උන්වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම නිසා දුක්වී, උදහසින් ඔවුන් වටකර බලා: නුඹේ අත දිගුකරන්නැයි ඒ මනුෂ්‍යයාට කීසේක. ඔහු එය දිගුකෙළේය. එවිට ඔහුගේ අත සුවවිය.

මක්නිසාද මාගේ උදහසින් ගින්නක් ඇවිළී, ගැඹුරු පාතාලය දක්වාම දැවී යන්නේය, එයින් පොළොවද ඒකේ අස්වැන්නද විනාශ වන්නේය, කඳුවල අත්තිවාරම්ද දැවී යන්නේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්