එවිට පාවුල් ඇරියෝපගය මැද සිට කියනුයේ: අතීනසයේ මනුෂ්‍යයෙනි, දෙවිවරුන් ඇදහීමට නුඹලා ලැදිව සිටින බව සියලු කාරණාවලදී මට පෙනේ.
නියඟක් ඇගේ ජලයන් පිටට පැමිණ, ඒවා හිදීයනවා ඇත. මක්නිසාද එය කැපූ රූප ඇති දේශයක්ය, ඒ භයානක දේවල් ගැනද ඔව්හු උමතුවී සිටිති.
පාවුල් කැඳවාගන ගිය අය අතීනසය දක්වා ඔහු ගෙනගොස්, ඔහු ළඟට පුළුවන් ඉක්මනින් එන්ට කියා සීලස්ටද තිමෝතියස්ටද කියන ලෙස අණ ලැබ, පිටත්ව ගියෝය.
පාවුල් අතීනසයේදී ඔවුන්ගේ ඊම බලා සිටි කල නුවර දේවරූපවලින් පිරී තිබෙන බව දැක ඔහුගේ ආත්මය ඔහු තුළ චංචලවූයේය.
එබැවින් ඔව්හු ඇරියෝපගයට ඔහු ගෙනගොස්: නුඹ කියන මේ අලුත්වූ ඉගැන්වීම කිමෙක්දැයි අපට දැනගන්ට පුළුවන්ද?
නුමුත් සමහර මනුෂ්‍යයෝ ඔහුට එකතුවී අදහාගත්තෝය. ඔවුන් අතරෙහි ඇරියෝපගිය දියොනිසියස්ද දමරිස් නම් ස්ත්‍රියෙක්ද ඔවුන් සමඟ වෙනත් අයද වූවෝය.
නුවර ලේකම් තැන සමූහයා සන්සිඳුවා: එපීසයේ මනුෂ්‍යයෙනි, එපීසවරුන්ගේ නුවර වනාහි අර්තෙමිස්ගේ මාළිගාවේද සියුස් ළඟින් වැටුණාවූ රූපයේද රැකවලී බව නොදන්න මනුෂ්‍යයා කවුද?
තමුන්ගේ ආගම ගැනද ජීවත්ව සිටිනසේකැයි පාවුල් කියා සිටි යේසුස් නම් මළාවූ කෙනෙකු ගැනද ඔහුට විරුද්ධව සමහර වාද කාරණා ඔවුන්ට තිබුණේය.