Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ක්‍රියා 17:21

Sinhala Revised Old Version

(මක්නිසාද සියලු අතීනසයෝද එහි පොරොත්තුව සිටියාවූ විදේශීහුද අමුතු කාරණයක් කීමෙන් නොහොත් ඇසීමෙන් මිස වෙන සැටියකින් කාලය ගත නොකළෝය.)

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

9 හුවමාරු යොමු  

පාවුල් කැඳවාගන ගිය අය අතීනසය දක්වා ඔහු ගෙනගොස්, ඔහු ළඟට පුළුවන් ඉක්මනින් එන්ට කියා සීලස්ටද තිමෝතියස්ටද කියන ලෙස අණ ලැබ, පිටත්ව ගියෝය.

පාවුල් අතීනසයේදී ඔවුන්ගේ ඊම බලා සිටි කල නුවර දේවරූපවලින් පිරී තිබෙන බව දැක ඔහුගේ ආත්මය ඔහු තුළ චංචලවූයේය.

මක්නිසාද සමහර අමුතු කාරණා නුඹ අපේ කන්වල හෙළන්නෙහිය. එහෙයින් මේ කාරණාවල අර්ථය කිමෙක්ද කියා දැනගන්ට කැමැත්තෙමුයයි කීවෝය.

පිරීගිය සහ පම්පිලියෙහිත් මිසරය සහ කිරේනිය වටකර ලිබියේ ප්‍රදේශවලත් යන මෙකී දේශවාසීහුද රෝමයෙන් ආ විදේශීහුද යුදෙව්වරුන් සහ ඔවුන්ගේ ආගමට හැරුණු අයද,

දවස් නපුරු බැවින් ප්‍රස්තාව අල්ලාගන්න.

නුඹලා ප්‍රස්තාව අල්ලාගනිමින්, පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් ක්‍රියාකරන්න.

ඇරත් ඔව්හු ගෙයින් ගෙට ඇවිදිමින් කම්මැළිවෙන්ටත් ඉගෙනගනිති; කම්මැළිවෙනවා පමණක් නොව නුසුදුසු දේ කථාකරමින්, වාචාලියෝද අනුන්ගේ කාරණා සොයන්නෝද වෙති.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්